විගණකාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක්..

February 1, 2017 at 12:28 am | lanka C news
විගණකාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක්..

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ සිය පක්‍ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොලිස්පතිට සහ නීතිපතිට දැවැන්ත ආදර්ශයක් වෙමින් තම ස්වාධීනත්වය සහ ආත්ම ගරුත්වය රැක ගනිමින් විගණකාධිපති කටයුතු කරනවා. ඔහු තමන්ගේ රාජකාරිය අකුරට ඉටු කරන නිසා තමයි ආණ්ඩුවේ දැවැන්ත වංචා හෙලිදරව් වෙමින් පවතින්නේ. කෝප් කමිටුවට බැඳුම්කර වංචාවක් සිදු වුණු බව සනාථ කරන්න පුළුවන් වුණේ විගණකාධිපති දුන් වාර්තාව නිසා. ඒ් වගේම ගල් අඟුරු වංචාව හෙලි කර ගන්න පුළුවන් වුණේත් විගණකාධිපති නිසා. මේ කම්බ හොරුන්ගේ ආණ්ඩුවට අද තිබෙන ලොකුම බාධකය තමයි ස්වාධීනව කටයුතු කරන විගණකාධිපතිවරයෙකු සිටීම.

රට විකුණා ඒ සල්ලි වලින් තමන්ගේ මඩි තර කර ගැනීමේ ආණ්ඩුවේ සැලසුම ඉදිරියට ගෙන යෑමට නම් විගණකාධිපති ඉවත් කිරීම හදිසි අවශ්‍යතාවයක් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් ඇමතිවරු විගණකාධිපතිට එරෙහිව විවිධ බොරු චෝදනා නගනවා. බැඳුම්කර පිලිබඳ විගණන වාර්තාව ලෝක ප්‍රමිතින්ට අනුව නෑ කියලා ලෝක බැංකුව වාර්තා කලා කියලා කිරිඇල්ල ඇමතිතුමා කියා තිබෙනවා. මම නම් හිතන්නේ නෑ ලෝක බැංකුව ඒ වගේ ගොං කතාවක් කියාවි කියලා. මොකද එවැනි මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලෝක බැංකුවට නෑ. ජාත්‍යන්තර විගණන ප්‍රමිතින් සකස් කරන්නේ ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර පෙඩරේෂණය. යම් විගණකාධිපති වාර්තාවක් එම විගණන ප්‍රමිතින්ට අනුව තිබෙනවා ද කියන්න පුළුවන් ඒ ආයතනයට විතරයි.

ඒ අතරේ රවි කරුණානායක ඇමතිතුමා ඉල්ලූ වාර්තාවක් ඔහුට ලබා දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දුන්නා කියලා ඇමතිතුමා චෝදනා කළා. විගණකාධිපති වග කියන්නේ වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවට මිස විධායකයට නොවේ කියන එක ඇමතිතුමා දැන ගත යුතුයි.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මැතිතුමනි, යමපාලන ඇසේ ඇනුනු කටුව ඔබයි. ඔබ නොබියව ස්වාධීනව මේ ලෙසම ඉදිරියටත් මේ දූෂිත ආණ්ඩුව නිරුවත් කරන්න. මේ රටේ දූෂණ විරෝධි ජනතාවට ඇති ලොකුම බලාපොරොත්තුව ඔබයි. ඔබතුමා වෙනුවෙන් පෙනී සිටින්න ඒකාබද්ධ විපක්ෂය වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා කියන එක අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

19 views

2 Comments to “විගණකාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක්..”

  1. asaranaya says:

    උන්ඩය පුස්කතී.
    විරුවෝ තවම නිදියති.
    පඹයා කට ගහාති,
    බිළි පුජාවටත් සැරසෙති

    ප්‍රෙමෙ ගෙ ක්‍රමයට,
    ‘කහ බළලුන්ද එලියට
    වැඩකට සැරසෙන්ට,
    යවමු පින්ගුත්තරද පොලවට

    • jayamal says:

      විගණකාධිපතිතුමාට ජනතා ප්‍රණාමය හිමි වේ. ඔබතුමා වැනි අවංක එඩිතර විද්වතුන් මව්බිම සුරකින බව සහතිකයි.

Main News