විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…

October 1, 2016 at 10:40 am | lanka C news
විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය විසඳුමක්‌ පළාත් සභාවට ලබා දෙනවා යෑයි උතුරේ මහ ඇමැතිවරයාට පොරොන්දු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ බවත් විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා කියා රට දෙකඩ කරන්න හෝ බෞද්ධාගමට තිබෙන තැන නැති කරන්නට දෙන්නේ නැති බවත් උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන මාර්ග සති වැඩසටහනේ තෙවන අදියර අනුරාධපුර – බටහිර මැතිවරණ කොට්‌ඨාසයේ ආරම්භ කරමින් පැවති උත්සවයේදීය.

එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා,

උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් ඉල්ලුවේ මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වෙච්ච දේ. මොකක්‌ද මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වුණේ. යුද්ධය පැවති කාලයේ දී මහින්ද රාජපක්‌ෂ කිව්වා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා ඉස්‌සරහට යන විසඳුමක්‌ ලබාදෙනවා කියලා. ඒකට කිව්වේ 13 ප්ලස්‌ (13 +) කියලා. ඉන්දියාවට ගිහින් කිව්වා 13 ප්ලස්‌ (13 +) දෙනවා කියලා. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ලංකාවට පැමිණි වෙලාවේ මහින්ද රාජපක්‌ෂ කිව්වා 13 ප්ලස්‌ දෙනවා කියලා. එදා ජනාධිපති ධුරය දරන අවස්‌ථාවේ දී මහින්ද රාජපක්‌ෂ කිව්වා පළාත් සභාවලට වඩා බලතල තියෙන පාලන ක්‍රමයක්‌ දෙනවා කියලා. අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වෙච්ච දෙයයි. නමුත් විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා කියලා රට දෙකඩ කරන්නවත් බෞද්ධාගමට තියන තැන නැති කරන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ. අද කියන්න දෙයක්‌ නැතිව බෞද්ධාගම විනාශ කරනවා කියලා කියනවා. ව්‍යවස්‌ථාවේ එක වගන්තියක්‌වත් තවම හදලා නැහැ. අපි සාකච්ඡා කරනවා විතරයි. එකඟ වෙන්න පුළුවන් මොනවද එකඟවෙන්න බැරි මොනවද කියලයි අපි සාකච්ඡා කරන්නේ. අපි ඒ සියල්ල වාර්තාවක්‌ විදිහට ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව රැස්‌වුණාට පසුවයි වගන්ති සකස්‌ කරන්න පටන් ගන්නේ. පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්‌ෂ එකතුවෙලයි එම වගන්ති සකස්‌ කරන්නේ.

උතුරේ නායකයන්ට විරෝධතා ව්‍යාපාර පුරුදු කළේ දකුණේ සිටින අයයි. මහනුවර සිට කොළඹට විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වුවා. ජනතා විමුක්‌ති පෙරමුණ විරෝධතා පැවැත්වුවා. පෙරටුගාමී පක්‌ෂය විරෝධතා පවත්වනවා. විරෝධතා කරන්න පුරුදු කළේ දකුණේ අයයි. වෙන කවුරුවත් නොවේ. දෙමළ ජාතික සන්ධානය අද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරනවා. දෙමළ ජාතික සන්ධානය අද වන විට මැද මාවතට පැමිණ තිබෙනවා. ඔවුන් ළඟ අද අන්තවාදී අදහස්‌ නැහැ. නමුත් හැම ජාතියකම අන්තවාදී පුද්ගලයෝ ඉන්නවා. අපි අන්තවාදියෝ අමතක කරලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්‌සේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනවා.

– Divaina

32 views

28 Comments to “විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…”

  1. gon kira says:

    මගේ ගෑණිත් දැන් එක එක එව්ව ඉල්ලනව​.අල්ලපු ගෙදර එකාගෙන් ඒ ගෑණිට ලැබෙන දේ මගෙන් ලැබෙන්නෙ නැහැල්ලු.ඌ දෙන දේ මට දෙන්න බැහැ කියල මං හොඳටම දන්නව​.අල්ලපු ගෙදර එකා මගේ ගෑණිට පාද ගාත්‍රා පුරුදු කරල මහ විනාශයක් කරල තියෙන්නෙ???

  2. tiran says:

    විග්නේශ්වරම් ඉල්ලන්නේ මහින්ද දෙනවා කිව දේ නම් මොකෝ ඒ කලේ ඒවා නොඉල්ලුවේ, එක නෙවි ඇත්ත, රනිල් සහ සිරිසේන දෙනවා කි දේ තමා ඉල්ලන්නේ

  3. Gamarala says:

    Me gona kiwwoth gon kathawak thamai……………………

Main News