විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…

October 1, 2016 at 10:40 am | lanka C news
විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය විසඳුමක්‌ පළාත් සභාවට ලබා දෙනවා යෑයි උතුරේ මහ ඇමැතිවරයාට පොරොන්දු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ බවත් විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා කියා රට දෙකඩ කරන්න හෝ බෞද්ධාගමට තිබෙන තැන නැති කරන්නට දෙන්නේ නැති බවත් උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන මාර්ග සති වැඩසටහනේ තෙවන අදියර අනුරාධපුර – බටහිර මැතිවරණ කොට්‌ඨාසයේ ආරම්භ කරමින් පැවති උත්සවයේදීය.

එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා,

උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් ඉල්ලුවේ මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වෙච්ච දේ. මොකක්‌ද මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වුණේ. යුද්ධය පැවති කාලයේ දී මහින්ද රාජපක්‌ෂ කිව්වා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා ඉස්‌සරහට යන විසඳුමක්‌ ලබාදෙනවා කියලා. ඒකට කිව්වේ 13 ප්ලස්‌ (13 +) කියලා. ඉන්දියාවට ගිහින් කිව්වා 13 ප්ලස්‌ (13 +) දෙනවා කියලා. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ලංකාවට පැමිණි වෙලාවේ මහින්ද රාජපක්‌ෂ කිව්වා 13 ප්ලස්‌ දෙනවා කියලා. එදා ජනාධිපති ධුරය දරන අවස්‌ථාවේ දී මහින්ද රාජපක්‌ෂ කිව්වා පළාත් සභාවලට වඩා බලතල තියෙන පාලන ක්‍රමයක්‌ දෙනවා කියලා. අද විග්නේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වෙච්ච දෙයයි. නමුත් විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා කියලා රට දෙකඩ කරන්නවත් බෞද්ධාගමට තියන තැන නැති කරන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ. අද කියන්න දෙයක්‌ නැතිව බෞද්ධාගම විනාශ කරනවා කියලා කියනවා. ව්‍යවස්‌ථාවේ එක වගන්තියක්‌වත් තවම හදලා නැහැ. අපි සාකච්ඡා කරනවා විතරයි. එකඟ වෙන්න පුළුවන් මොනවද එකඟවෙන්න බැරි මොනවද කියලයි අපි සාකච්ඡා කරන්නේ. අපි ඒ සියල්ල වාර්තාවක්‌ විදිහට ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව රැස්‌වුණාට පසුවයි වගන්ති සකස්‌ කරන්න පටන් ගන්නේ. පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්‌ෂ එකතුවෙලයි එම වගන්ති සකස්‌ කරන්නේ.

උතුරේ නායකයන්ට විරෝධතා ව්‍යාපාර පුරුදු කළේ දකුණේ සිටින අයයි. මහනුවර සිට කොළඹට විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වුවා. ජනතා විමුක්‌ති පෙරමුණ විරෝධතා පැවැත්වුවා. පෙරටුගාමී පක්‌ෂය විරෝධතා පවත්වනවා. විරෝධතා කරන්න පුරුදු කළේ දකුණේ අයයි. වෙන කවුරුවත් නොවේ. දෙමළ ජාතික සන්ධානය අද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරනවා. දෙමළ ජාතික සන්ධානය අද වන විට මැද මාවතට පැමිණ තිබෙනවා. ඔවුන් ළඟ අද අන්තවාදී අදහස්‌ නැහැ. නමුත් හැම ජාතියකම අන්තවාදී පුද්ගලයෝ ඉන්නවා. අපි අන්තවාදියෝ අමතක කරලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්‌සේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනවා.

– Divaina

114 views

28 Comments to “විගනේෂ්වරන් ඉල්ලන්නේ මහින්ද දෙන්න පොරොන්දු වූ දේවල්.. ඔවුන්ට විරෝධතා පුරුදු කළේ මහින්දගේ පාද යාත‍්‍රාවයි…”

  1. UNP Gon Naamba says:

    gonek nam ithin gon kathawakma misa…..

  2. love nature says:

    මොන බාධකය ආවත් ආන්ඩුව අවුරුදු 5ක් යනතුරු සොලවන්නට බැරි බව කියන්නට රනිල්-මෛත්‍රී ඇතුළු ආන්ඩුවේ නඩයට සිදුව ඇත්තේ if someone proves too much,proves nothing යන ලතින් යෙදුම සිහියට නංවමින්ය. ලපටි දත් ටික කාලයකින් හෙල්ලෙන බව සැබෑය.

  3. Jagath says:

    me aanduwa rata bedana wadawalata sahayogaya denne na

  4. සීසර් අයියා says:

    විග්නේශ්වරන්ට ඕවා කියන්න කියන්නේ වාසුදේව තමයි ඉතින්, ඒකෙන්ම තේරෙනවනේ කව්ද රට බෙදන්න හදන්නේ කියල

  5. nalaka says:

    ඔය විග්නේශ්වරන් මහින්ද වගේ තමයි, කට විතරයි…

  6. Mr. Q says:

    Vigneshwaran must understand that what he asked then cannot be given now as the circumstances have changed. So he should stop spreading hate…

  7. පිස්සු පූසා says:

    විග්නේශ්වරන් නිකන් බෙරිහන් දුන්නට වැඩක් නෑ. එයා කියන මොකුත් මේ යහපාලන රජය වෙන්න ඉඩ තියන්නේ නෑ.

  8. Ramila says:

    Vigneshwaran can’t oust the tamil community by spreading hate speech. Since the Government and even Tamil MP’s condemn Vigneshwaran’s acts, he will not succeed

  9. Dhathusena says:

    හරක උම්බෑ කියන්නෙ නැතුව පිරිත් කියන්නද බං……මූ මැරෙන තුරාවට උම්බෑම තමයි…..

  10. Banda says:

    Amathithuma kiyana kathawa aththa. Oyal Wimal la, Gammanpila la, Vasudeva la thamai me prashnawalata mula.

Main News