විග්නේශ්වරන්ට එරෙහිව TNA පත්‍රිකා බෙදයි
December 3, 2018 at 8:40 am | lanka C news
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව (02) වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.
වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබූණි.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වවුනියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී දෙමළ සංස්කෘතික වැඩසටහනක් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කොට ඇති අතර, ඊට සමගාමීව විග්නේශ්වරන් මහතාට විරුධව මෙම අත්පත්‍රිකා බෙදා හැර ඇත.
අදාල අත්පත්‍රිකා මගින් පෙන්වා දී ඇත්තේ විග්නේශ්වරන් යනු වව්නියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූසංවර්ධන වැඩසටහන් රැසක් නැවතු පුද්ගලයෙකු බවටත් එහිදී
වව්නියාවට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උක් කර්මාන්තශාලාවන් නැවත්වීම, බස් නැවතුම්පලේ අලාභයන්, ආරථික වෙළඳ මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට මාරු කිරීම ආදි වව්නියාවේ සංවර්ධනයට වින කරපු පුද්ගලයා පිළිගනිව් පිළිගනිව් කියා එම අත්පත්රිකාවල සඳහන් කොට තිබුණි.
වව්නියාවේ ප්‍රදේශවාසීන් විසින් කියා සිටියේ අදාල අත්පත්රිකාවන් දෙමළ ජාතික සන්ධානයේ පාක්ෂිකයින් විසින් මෙසේ බෙදා හැර ඇති බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ජනවර්ග පදනමින් පක්ෂ සෑදීම තහනම් කල යුතුය. එය රටේ ඒකීය භාවයට තර්ජනයකි.