දෙමල සන්ධානය පලු කරමින් විග්නේශ්වරන් නිල ලෙස ඉවත් වේ.. පාර්ලිමේන්තු ස්ථාවරය අර්බුදයේ..
November 9, 2018 at 5:30 pm | lanka C news
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.
මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ දින සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයෙකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතුණි.
එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.
එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් වියයයුතු බවටයි.
අනතුරුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මරුවාත් සුබ පතනවා ඇති ඉක්මණින් එන්න කියල, මොකද දැන් වයසත් හරිනෙ කියල.
Muyi sumanthiran patta meter…..kill them
සිංහ ළේ මහජාතිය සමග සහෝදරත් වයෙන් ඉන්න බැරිනම් දෙමල නාඩුවට පලයල්ලා අපිට පව නොදී
Go to hell idiot old man .or Go to Tamil nadu and chase your dreams no matter how crazy it looks.
When you are crazy you learn to keep quiet.