විග්නේෂ්වරන්ගේ සෙල්ලම් අවසන්.. බහුතර මන්ත්රී අත්සනින් විශ්වාස භංගයක් ඉදිරිපත් කෙරේ..
June 14, 2017 at 10:16 pm | lanka C news
උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට බාර දී ඇත.
මෙම විශ්වාස භංග යෝජනාවට පළාත් සභාවේ මන්ත්රීවරුන් 21 දෙනෙකු අත්සන් කර තිබේ.
පළාත් සභාවේ සම්පූර්ණ මන්ත්රී ධුර ප්රමාණය 38ක් වන අතර ඉන් දෙමල සන්ධානයේ මන්ත්රීවරුන් 30කි.
ඒ අනුව මේ වන විටත් මහ ඇමතිවරයාට සභාවේ බහුතරය අහිමි වී තිබේ.