විග්නේෂ්වරන්ට බහුතරය පෙන්වන්නැයි දන්නයි.. පේෂලගේ විශ්වාස භංග තියරිය උතුරට අදාල නෑ..
June 15, 2017 at 4:40 pm | lanka C news
උතුරු පළාත් සභාවේ මහ ඇමති ලෙස තව දුරටත් කටයුතු කිරීමට නම් සභාව තුල බහුතර බලය පෙන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ විසින් සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිට දන්වා තිබේ.
මන්ත්රී ආසන 38 ඇති උතුරු පළාත් සභාවේ මන්ත්රීන් 21ක් අත්සන් කරන ලද ලිපිය ආණ්ඩුකාරවරයා විසින් පිලිගෙන ඇති අතර විග්නේෂ්වරන්ට බහුතර බලය පෙන්වීමට නොහැකි වුවහොත් වෙනත් මහ ඇමතිවරයෙක් පත්වනු ඇත.
කෙසේ වෙතත් මෑතකදී උතුරැ මැද පළාත් සභාවේ බහුතර මන්ත්රීන් විසින් අත්සන් කර බාර දෙනු ලැබී විශ්වාස භංගය සසම්බන්ධයෙන් කටයුතු සිදුවූයේ මීට මහමුලින්ම වෙනස් ආකාරයටයි. පළාත් මහ ඇමති පේෂල ජයරත්න මේ වන විටත් බහුතරය ඇත්දැයි සහතික කරගත නොහැකි තත්වයක සිටී.