විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් එයා තවත් නපුරු වෙයි.. එයා ව්‍යවස්ථාව කැඩුවට දණ්ඩ නීති සංග‍්‍රහය කඩලා නෑනේ..

September 28, 2016 at 9:20 am | lanka C news
විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් එයා තවත් නපුරු වෙයි.. එයා ව්‍යවස්ථාව කැඩුවට දණ්ඩ නීති සංග‍්‍රහය කඩලා නෑනේ..

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අත්අඩංගුවට නොගන්නේ නැවත වතාවක් වර්ධරාජා පෙරුමාල් කෙනෙක් බිහි කර ගැනීමට උවමනා නැති නිසා බව නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි. අධිකරණයෙන් පවා තහනම් කර තිබියදී උතුරේ වෙනම රාජ්‍යක් වෙනුවෙන් කටයුතු කරනු ලැබු කොටි සාමාජිකයන් සමරා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධ ලෙස කටයුතු කරන උතුරැ මහ ඇමති අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විපක්‍ෂයෙන් ප‍්‍රශ්න කල අවස්ථාවේදී ඔහු මෙසේ කීවේය.

ඊටම පිලිතුරු ලෙස නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා කියා සිටියේ උතුරැ මහ ඇමතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කලද දණ්ඩ නීති සංග‍්‍රහය උල්ලංඝනය කර නැති නිසා අත්අඩංගුවට ගත යුතු නැති බවයි.

ජනාධිපතිවරයා ශ‍්‍රීලනිපය ගැන ඔය තරම් හිතන්නේ නම් පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැර කොමසාරිස් පාලනයට පත් කලේ මන්දැයි මනුෂ නානායක්කාර නියොජ්‍ය ඇමතිගෙන් විමසූ විට ඔහුට නිශ්චාත පිලිතුරක් තිබුනේ නැත.

සීමා නිර්ණය ගැටළු සහගත බව දන්නේ නම් ශ‍්‍රිලනිප බලය යටතේ තිබූ පළාත් පාලන ආයනන විසුරුවා හැරියේ මන්දැයි විමසූ පැනයටද නියෝජ්‍ය ඇමති නානායක්කාර පිලිතුරු දුන්නේ නැත.

56 views
Main News