විග්නේෂ්වරන් අලූත් පක්‍ෂයකින් මහඇමති තරගයට.. දෙමල සන්ධානයෙන්ද පළුවක් ගලවාගනී..

April 18, 2018 at 12:40 pm | lanka C news
විග්නේෂ්වරන් අලූත් පක්‍ෂයකින් මහඇමති තරගයට.. දෙමල සන්ධානයෙන්ද පළුවක් ගලවාගනී..

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පලාත් සභාවේ මහඇමති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට  නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහය දීමට සූදානම් බවට ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සී.වී.විග්නේෂ්වරන් මහතාට ඉදිරි පලාත් සභා මැතිවරනයේදී ලබා නොදෙන බවට සිදු කල ප්‍රකාශය හේතුවෙන් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

‘උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මාධ්‍යට කියල තිබුනා මේ සතිය තුල අලුත් පෙරමුණක් හදන බවට ඒක ඇත්තනම් අපි එතුමත් එක්ක කටයුතු කරන්න සූධානම් වෙලයි ඉන්නේ එම පෙරමුනේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් වෙලා තිබෙනවානම් අපි ඔවුන් සමග සාකච්ඡා කරන්න දැන් වුනත් සූදානමෙනුයි ඉන්නේ දෙමළ ජාතික සන්ධානයෙන් අවස්ථාව නැති නසා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් සී.වී.විග්නේස්වරන් මහතාම නැවත කටයුතු කිරීම බොහෝ ජනතාවකගේ අවශ්‍යතාවයක් වගේම ඉල්ලීමකුත් තිබෙනවා.

ඊ.පී.ආර.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් උතුරු පලාත් සභාවේ මන්ත්‍රී ධූර 3 ක් ඇති අතරම ඔවුන් විසින් ඇති කරගෙන ඇති නව පක්ෂය වූ දෙමළ ජාතික විමුක්ති සන්ධානය විසින් පසුගියදා වව්නියාව නගරසභාවේ බලයද හිමි කරගත්තේ දෙමළ ජාතික සන්ධානය පරාද කරමින් තවත් පක්ෂ කිහිපයකගේ සහයද සමගය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

98 views
Main News