විග්නේෂ්වරන් දෙමල සන්ධානය අතහරී.. ‘දෙමළ ජනතා සන්ධානය’ නමින් නව පක්‍ෂයක් පිහිටුවයි..

October 24, 2018 at 3:00 pm | lanka C news
විග්නේෂ්වරන් දෙමල සන්ධානය අතහරී.. ‘දෙමළ ජනතා සන්ධානය’ නමින් නව පක්‍ෂයක් පිහිටුවයි..

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව අද (24) සිට තමිල් මක්කල් කූට්ටනs නොහොත් දෙමළ ජනතා සන්ධානය නමින් වූ පක්ෂයක් ඔස්සේ ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බවට කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ අද(24) යාපනය නල්ලූර් නඩරාජා පරමේශ්වරී ශාලාවේදී පැවති දෙමළ ජානතා සභාවේදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන ගමන් මග ප්‍රකාශ කරිමින්ය.

උතුරු පලාත් සභාවේ නිල කාලයද අද (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය වරයා අද දින දෙමළ ජනතා සභාව රැස් වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සිදු කරනු ලැබීය.

එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘ජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියනවා ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා අවසන් පලාත් සභාව මගිනුත් මට ජනතාවට සේවයක් කරන්න දෙමළ ජාතික සන්ධානයේ බලවතුන් ඉඩ දුන්නේ නැහැ  ඒ නිසා මම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙනවා ඉවත්වී ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි ක්‍රමයක් සොයනවා ඊට හොඳම විසඳුම තමයි දේශපාලනයෙන්ම විසඳුම් ලබා දීම ඒ සඳහා නව පක්ෂයකින් ඉදිරියට දේශපානය ආරම්භ කරනවා ජනතාව බොහෝ දෙනෙක් මම ගැන බලාපොරොත්තු තබාගෙන තිබෙනවා ඒ බලාපොරොත්තු සමග ඉදිරියට වැඩ කරන්න ඕන.

දෙමළ ජනතා සභාවට ඔනෑම අයෙකුට ගැටලු ඉදිරිපත් කරන්න පුලුවන් දෙමළ ජනතා සභාවේ කටයුතුත් නව පක්ෂය සමගින් සිදු කරනවා මගේ නව පක්ෂයට දෙමළ ජනතා සභාවෙනුත් පූර්ණ සහය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා දෙමළ ජනතා සභාව මගින්ද ඉදිරියට කටයුතු කරන්න සූදානමින් ඉන්නවා .. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

4 Comments to “විග්නේෂ්වරන් දෙමල සන්ධානය අතහරී.. ‘දෙමළ ජනතා සන්ධානය’ නමින් නව පක්‍ෂයක් පිහිටුවයි..”

  1. JUDE says:

    විග්නේස්වරන් දෙමළ සන්ධානය අතහැර LTTE ත්‍රස්තවාදීන් සමග ඊළම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්න සැරසේ මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි ඔහුගේ නව පක්ෂය තහනම් කරනු

    • A CITIZEN says:

      The Sinhala people welcome your community to live in any province which have Sinhala majority and also they would patronize your businesses(as already apparent),but in return you all should also allow the Sinhala people to live peacefully in Nothern and Eastern provinces.Must also help to resettle the Sinhala people ,who had been living their for decades ,prior to LTTE terrorism.The Sinhala people are also prepared to listen to your grievances and to your fair demands,which would not lay foundations to divide this very small country.Let
      us all enjoy equal rights as Sri Lankans ,irrespective of any one’s race,caste ,creed and religion ,during this short span of our lives.

  2. sinha le says:

    අලුත් පක්ෂයත් සමග දකුනු ඉන්දියාවට ගිහිල්ලා මොදිගෙන් දෙමළ රටක් ඉල්ලාගන්න පුලුවන් අපේ රට සිංහලයන්ට පමනයි

  3. Sanidu Sooriarachchi says:

    පළාත් සභා කියන සුදු අලියා නැති එකනම් හොදයි. නැත්නම් අපි උන්ටත් පඩි ගෙවන්න ඕනෑ. කිසිම වැදගත් වැඩක් සිදු නොකරන, මධ්‍යම ආණ්ඩුව සමග කඹ අදින, අපේ සල්ලි කන පළාත් සභා ඔහොමම නැති වෙලා ගියත් රටට හානියක් නැහැ.

Main News