විග්නේෂ්වරන් දෙමල සන්ධානයේ රෙදි ගලවයි..

July 7, 2019 at 6:48 pm | lanka C news
විග්නේෂ්වරන් දෙමල සන්ධානයේ රෙදි ගලවයි..

දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක කර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී සැප ජිවිත ගත කළ නිසා තමාට නව පක්ෂයක් නිර්මාණය කිරීමට සිදුවු බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

යාපනයේ නාගර්කෝවිල් හී සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.

2013 උතුරු පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් මම තරඟ කළා. ඉන් ජයග්‍රහණය කොට උතුරු පලාතේ මහ ඇමති ලෙස පත්වුණාම මගේ ධුරකාලයේ ජනතාවට සේවාවක් කරන්න පුළුවන් කියලා තමයි මම හිතාගෙන හිටියේ.

ඒ වගේම අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිතට එකඟව කටයුතු කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා නමුත් කාලයක් ගියාට පසුව මට ඇත්ත තත්ත්වය තේරුණා.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශ වේදිකාවල කථා සියල්ලම මැතිවරණ කාලයේදී ජනතාව රැවටීමට හදපු බොරු ලේඛන කියලා මම තේරුම් ගත්තා මම මැතිවරණයට ඉදිරිපත්වු පක්ෂය ජනතාවගේ යහපත ගැන හිතන්නේ නැහැ කියලා .

මම තරඟ කළ පක්ෂයම ජනතාවගේ යහපත ගැන හිතන්නේ නැතිව එයාල රජයට මුක්කු ගැසීම තමයි ඉලක්ක කරගෙන හිටියේ ප්‍රශ්න අහලා රජය අපහසුතාවයට පත්කරන්න ඕන අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉලක්කය වුණේ සැප ජිවිත ගත කරන්න මම පුළුවන් හැම විදිහට කතා කළා ඒ දේවල් නවත්වන්න.

නමුත් ඒ හැම වෙලාවෙම මොකක් හරි කියලා සෑහිමකට පත්කළා මිස ජනතාවගේ පැත්තට හැරුනේ නැහැ. ඊට පසුව මම මගේ තීරණ වෙනස් කරගෙන ජනතාවට වැඩකරන අයව එකතු කරගෙන තනිවම ගමන් කරන්න හිතලා මගේ ධූර කාලය අවසන් වූ ගමන්ම අලුතෙන් පක්ෂයක් හැදුවා එමගින් ජනතාවට හැකි උපරිමයෙන් සහනයක් දෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ එයට ඕනෑම අයෙකුට එක්වන්න අවස්ථාව තියනවා .. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

182 views
Main News