විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති

September 30, 2016 at 3:48 pm | lanka C news
විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති

බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.

‘අද මෙරට සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් කතා බහට ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරේ මහ ඇමැතිවරයා පසුගියදා කළ ප‍්‍රකාශයද කතා බහට ලක්වෙනවා. අප දකින්නේ ඔහුගේ පටු චින්තනය සමග කරන ප‍්‍රකාශ මුළුමහත් ශ‍්‍රී ලංකාවටම වින කරන අදහසක් හැටියටයි.

ජාතීන් අතර සහජීවනය ඇති කිරීම උදෙසා කටයුතු සිදුවෙමින් තිබෙන මෙවන් වකවානුවකදී ඔහුගේ ප‍්‍රකාශය රට තුළ අලූත් බෙදුම්වාදයක් ඇතිකිරීමට හේතුවෙනවා.

ඉන්දියාවේ නම් ප‍්‍රාන්ත‍්‍ර මහ ඇමැතිවරයෙකුට මෙවැනි ප‍්‍රකාශයක් කල නොහැකි ලෙස නීති පනවලා තියෙනවා. අපේ රටේ එසේ නීති නැහැ. එනිසා වෙනම රාජ්‍යයක් සදහා මූලික පසුබිමක් සකස් කරන උතුරේ මහ ඇමැතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතුය’

17 views

12 Comments to “විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති”

  1. ow palath sabha waha visuruwanna…..

Main News