විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති

September 30, 2016 at 3:48 pm | lanka C news
විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති

බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.

‘අද මෙරට සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් කතා බහට ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරේ මහ ඇමැතිවරයා පසුගියදා කළ ප‍්‍රකාශයද කතා බහට ලක්වෙනවා. අප දකින්නේ ඔහුගේ පටු චින්තනය සමග කරන ප‍්‍රකාශ මුළුමහත් ශ‍්‍රී ලංකාවටම වින කරන අදහසක් හැටියටයි.

ජාතීන් අතර සහජීවනය ඇති කිරීම උදෙසා කටයුතු සිදුවෙමින් තිබෙන මෙවන් වකවානුවකදී ඔහුගේ ප‍්‍රකාශය රට තුළ අලූත් බෙදුම්වාදයක් ඇතිකිරීමට හේතුවෙනවා.

ඉන්දියාවේ නම් ප‍්‍රාන්ත‍්‍ර මහ ඇමැතිවරයෙකුට මෙවැනි ප‍්‍රකාශයක් කල නොහැකි ලෙස නීති පනවලා තියෙනවා. අපේ රටේ එසේ නීති නැහැ. එනිසා වෙනම රාජ්‍යයක් සදහා මූලික පසුබිමක් සකස් කරන උතුරේ මහ ඇමැතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතුය’

19 views

12 Comments to “විග්නේෂ්වරන් ධුරයෙන් නෙරපනු.. – මහ නාහිමියෝ කියති”

  1. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    එහෙම කරන්නෙ කොහොමද හිටං.මාව මෙතෙන්ට ගේන්න උං කොච්චර මහන්සි උනාද​.මං උන්ට දීපු පොරොන්දු ඉටු නොකලොත් මං ගුණමකුවෙක් වෙනවනෙ හිටං.

  2. SALMAL says:

    ගෞරවනීය අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියන්ය අපේ නමස්කාරය ..ස්තුතිය
    ගෞරවනීය අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියන් කළ ප්‍රකාශයට අපේ සහය පළකරමු
    විග්නේෂ්වරම්ගේ කි‍්‍රයාකලාපය ජාතිවාදය අවුලවා දේශපාලනයේ වැජඹීමට ගන්නා උත්සාහයක් එනිසා ඔහුව මහා ඇමති ධුරයෙන් වහාම ඉවත් කල යුතුයි
    ඔහු ගේ මේ ප්‍රකාශ අපේ රටේ ආරක්ෂාවට තර්ජනයකි ..විග්නේෂ්වරම්ගේ මේ ත්‍රස්තවාදී ප්‍රකාශ අපි හෙළා දකිමු

  3. K shantha says:

    But flower garden mahanayaka say he trust pm and president and they won’t simply do those things

  4. OLU says:

    අවදිවව් සිහලුනේ -අවදි වීමට කාලය දැන් එලබ ඇත
    ගෞරවනීය අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අපි අගය කරමු
    අපේ ගෞරවනීය හාමුදුරුවන්ට අපේ පාද පුර්ව නමස්කාරය
    බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමිය යුතුයි
    සිංහලයෙනි බලා සිටීමට කාලයක් නැත ….
    https://www.youtube.com/watch?v=HtBswRC6QqE

  5. kamal says:

    අනගාරික කමල් වැද නමස්කාර කර නාහිමියො අමතයි
    නාහිමිවරු හතර වහන්ස ඒකතු වි අණක් නිකුත් කල යුතුයි. මොකද බුද්ධ රුප තියන්න බැ කිව්වා හින්දු මිනිසුන් ක්‍රිස්ත්‍රියානි හා ඉස්ලාම් ග්‍රහණයෙන් ගලවා ගත යුතුයි. දස වස්තුක සම්මා දෘෂ්ටියෙ ඔපාපතික උපත් පුනර්භවය කර්මය හා තමාට වඩා ශෙ ෂ්ඨ අය ඉන්න වග කියා දිය යුතුයි. නැකත කියන රාමුවෙන් ගලවා ගත යුතුයි.
    හින්දු අය බෞද්ධ කරොත් 2026දි බෞද්ධ ජනගහණය 90%ක් වෙනවා කතොලික මුස්ලිම් අය අමතක කරන්න ඒ් කට්ටිය සරු සාර බිමක් ලෙසට නෙවයි මුඩු බිමක් ලෙස සලකන්න

  6. SARA says:

    ජාතීන් අතර සහජීවනය ඇති කිරීම උදෙසා අපේ රටේ උරුමය 12% සිටින සුළුතර දෙමළුන්ට බෙදාදිය යුතුද ? සිංහලයා දෙමල ජාතිවාදී බෙදුම් වාදී දේශපාලුවන්ගේ අදහස් වලට එකග විය යුතුද ? ලෝකයේ කුමන රටේද ඒ රටේ මහජාතියේ අයිතීන් සරණාගතයින්ට බෙදලා දුන්නේ ? මොකද්ද මේ විහිළුව
    මේකද වත්මන් රෙජීමයේ ක්‍රියාකලාපය ත්‍රස්තවාදීන්ට පන දීමද ? ඇයි උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ ?
    මහා ඇමති ඉවත් නොකරන්නේ ඇයි ? මොකද මේ අවනීතිය ?විග්නේශ්වරන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකලාපයට එරෙහි වූ සියලුම සිංහලන්ට … ගරුතර හික්ෂුන් වහන්සේලාට අපේ ප්‍රණාමය
    https://www.youtube.com/watch?v=r0-Gb0B8Sjo

  7. WELL SAID THANK YOU HAMDURUWANE…

  8. Champa says:

    ඔබවහන්සේට රටෙම ප්‍රණාමය හිමි වෙනවා අවශ්‍ය වෙලාවේදී කතා කලාට. මේ වෙලාව කට වහගෙන ඉන්න වෙලාවක් නෙමෙයි. ලංකාවේ හතර කොනේම ඉන්න හාමුදුරුවරු රට වෙනුවෙන් කතා කරන්න ඕනේ වෙලාවක්. රටට ආදරේ කරන දේශපාලකයන්ටත් ජනතාවටත් ශක්තියක් වෙලා හාමුදුරුවරු පෙරට එන්න ඕනේ. නැත්නම් අන්තවාදී සිංහල බලවේග බිහි වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ජාතිය විනාශ වේගෙන යනකොට කාටවත් දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. විග්නේශ්වරන්ට ඕනේ උතුරේ ජාතිවාදී අන්තවාදී බලවේග වලට පිළිතුරක් විදියට, ජාතිවාදී අන්තවාදී සිංහල බලවේගයකුත් බිහි වෙලා රට විනාශ වෙලා යනවා දකින්න. ඒක නතර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නේ මතුවෙච්ච මේ වෙලාවෙම විසඳුම ඉල්ලුවොත්.

    ජාතිවාදී විග්නේශ්වරන් මහා ඇමති ධූරයෙන් නෙරපන්න කියලා මුළු රටම එක හඬින් ඉල්ලන්න ඕනේ. The racist Chief Minister Vigneshwaran is a disgrace to the civilized society. He has no right to promote terrorism by inciting the Tamil Community for a racist, separatist, extreme cause. Being a former Judge, what he doing is despicable. It is not approved by the civilized society. He is using subservient ordinary Tamil people as a cat’s paw. He should free the innocent Tamils from his racist vice-like grip.

    සමහරු දැනටම විග්නේශ්වරන්ගේ ඇම කාලා දඟලනවා. ඉතිහාසයේ අපිට වැරදුන තැන් තියෙනවා, අපිව වරද්දල ගෙනියපු තැන් තියෙනවා අපිට හරි ගිය තැනුත් තියෙනවා. බොරු part දාල සිංහල අන්තවාදයක් හදන්න සමහරු දඟලනවා. කාඩ්බෝඩ් වීරයෝ වැහි වහලා. කාඩ්බෝඩ් ආයුධත් හැදිලා. සිංහලයෝ ආයේ ඕවට අහු වෙන්නේ නැහැ. අද සිංහලයන්ට ඕනේ ප්‍රශ්නේ කොටසක් වෙන්න නෙමෙයි, උත්තරේ කොටසක් වෙන්න.

    ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදී දේශපාලකයන්ට දෙමල ජනතාව අහිමි කරන එක තමයි උගන්නන්න තියෙන හොඳම පාඩම. දකුණේ ඒක කරලා තියෙනවා. අද රට පාවාදෙන ආණ්ඩුවට දකුණේ සිංහලයෝ අහිමි කරලා තියෙනවා. අද යහපාලන ආණ්ඩුවට එක බෞද්ධයෙක් නැහැ. මුදලට බිලී බාගත්ත කිහිප දෙනෙක් ඇරෙන්න, සිංහලයොත්, කිසි කෙනෙක් ආණ්ඩුවට නැහැ. මොලේ පාවිච්චි කලොත් උතුරෙත් ඕක කරන එක ලොකු වැඩක් නෙමෙයි. ජාතීවාදී විග්නේශ්වරන්ව ඉවත් කරන්න කියල හඬක් නගන්න ඕනේ ඒ අරමුණත් හිතේ තියාගෙන.

  9. saradieal says:

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .රටේ මහ එවුන් දෙන්න නිදියන් ඉන්න වෙලාවේ ඔබ වහන්සේලා මේ කරන මෙහෙවරට

  10. DIYASENA says:

    palath sabha visuraviya uthui

Main News