විග්නේෂ්වරන් මහ ඇමති කිරීම මහා පාපයක්.. එය කර අප විදවනවා..- TNA නායකයා කියයි..
October 23, 2018 at 8:02 am | lanka C news
දෙමළ ජාතක සන්ධානයෙන් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුලු පක්ෂය අවුරුදු 5 ක් පුරාවට විඳවන බවට දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී මාවේයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් කියා සිටියේ,
‘විග්නේෂ්වරන් මහත්තයා අපි දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට ගෙනල්ලා විශාල පවක් කරගත්තෙ ඒකේ වැඩි කොටසක් මම තමයි කරල තියෙන්නේ දැන් අවුරුදු 5 ක් තිස්සේ අපි ඒක විඳවමින් ඉන්නවා දැනුත් එහෙම තමයි.මේ ඊයේ පෙරේදත් විග්නේශ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයට චෝදනාවක් කලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව විග්නේශ්වරන් මහත්තයයි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් මහත්තයයි ප්‍රතික්ෂේප කරන්න කිව්වා අපේ සන්ධානයෙන් මෙම ගැටලුව විසඳනවාට විග්නේෂ්වරන් විරුද්ධයි ඒකයි ඔහු මෙහෙම ප්‍රකාශ කරන්නේ
ඔහු හිටපු විනිසුරු වරයෙක් කියනවා නමුත් ඔහුට විරුද්ධවත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් තියනවා කොහොම හරි විග්නේෂ්වරන් සම්බන්ධයෙන් සහ අපේ දේශපාලන ඉදිරි ක්‍රියාපිළිවෙත සමබන්ධයෙන් තීරණය අපි නුදුරේම ප්‍රකාශ කරනවා එතකන් අපේ ජනතාව ඉවසන්න කියලයි මම කියන්නේ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කතාව ඇත්ත විග්නේශ්වරන් ජාතිවාදියෙක් ඔහුට අවශ්‍ය උතුරේ පාලන බලය අතට ගන්න .මොහුව TNA පක්ෂයෙන් නෙරපා දැමිය යුතුයි සියලුම ජාතිවාදී ඊළම්වාදී දෙමල දේශපාලකයන් ඉවත් කල යුතුයි … ඊළම් මුවාවෙන් ඔවුන් තමාගේ මඩිය තරකරගන්නවා ත්‍රස්තවාදය පතුරවන්නේ මේ නරුම මිනිස්සු මේ කපටි ඊළම්වාදින් අපේ රටින් නැවත ඉන්දියාවට පිටමන් කල යුතුයි
BAN TNA TERRORIST PARTY ….This is TNA propaganda …