විග්නේෂ්වරන් යුරෝපයට ගතු කියයි.. උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කර පලාත්සභා බලය ලබා දෙන්නැයි ඉල්ලයි..

August 22, 2018 at 6:28 am | lanka C news
විග්නේෂ්වරන් යුරෝපයට ගතු කියයි.. උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කර පලාත්සභා බලය ලබා දෙන්නැයි ඉල්ලයි..

උතුරු නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්ව සිටින යුරෝපා රටවල නියෝජිතයින් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අතර සාකච්ජාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (20) දින පැවත්වීය.

උතුරු නැගෙනහිර පළාත් තුළ පවතින හමුදා කඳවුරු හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජිවිතයට බාධා එල්ල වි ඇති අතර, මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන ‍බවට රජය මුසා බස් පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම යුරෝපීය නියෝජිතයින් වෙත පවසා ඇත.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දිගින් දිගටම රජය විසින් දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතු‍රු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටුනොවී ඇති බවයි.

එමෙන්ම යහපාලන රජය ලෙසින් ප්‍රකාශ කලද යහපාලනය  ක්‍රියාවට නැංවීමේ එක් පියවරක් වශයෙන් පෙන්වා දී ඇත්තේ පලාත් සභා වෙතට අවශ්‍ය බලතල දිය යුතු බවටත් උතුරු පලාතේ බලය දකුණේ සිට ක්‍රියාත්මක කිරීමෙන් යහපාලනයක් සිදු නොවන බවටත්ය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙපාර්ශවය අතර උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා උතුරේ ජන ජිවිතය සම්බන්ධතයෙන් අදහස් හුවමාරු කළ බවයි.

සාකච්ජාව වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයින් 40 දෙනෙකු පමණ පිරිසක් සහභාගි වි සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

84 views

4 Comments to “විග්නේෂ්වරන් යුරෝපයට ගතු කියයි.. උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කර පලාත්සභා බලය ලබා දෙන්නැයි ඉල්ලයි..”

  1. fernando says:

    බිජ්ජේශ්වරන්ටත් කොච්චර දුන්නත් මදි.

    අර ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලනව.

  2. Rajasinha says:

    Para balla uthure hamudawa iwath karanawa nang dakuneth hamudawa iwath keruwoth ratata hamudawak nehe. Mey pissa ikmanin pannala daanna oane drohiya. Sinhala rajayen padi nadi aragena rajayatama kelinawa.

  3. sakalabujan says:

    Do not allow to him meet any foreign diplomatic.

  4. Nimal Tissa Wijethunga says:

    Wigneshwaran dog started barking once again.Let us tell him oint blank that hoiwsoever loud he barks mountains will not move. Kallathonies have no faith to their country where they live as they do not feel belonging to the place and therefore, they aligned with outsiders and do conspiracies to destabilize the place.

    I am of the view that Wigneshwaran is suitable as a Resident patient of Angoda Hospital rather than holding a public office.

Main News