විජයකලාගේ කොටි කතාවෙන් දකුණේ ජාතිවාදීන් ෆොම් වෙලා..

July 5, 2018 at 1:20 pm | lanka C news
විජයකලාගේ කොටි කතාවෙන් දකුණේ ජාතිවාදීන් ෆොම් වෙලා..

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියගේ කොටි පිළිබද කතාව දශක තුනක යුද මානෂිකත්වයෙන් මිදුන අපේ රට නැවතත් යුධ වාතාවරණයකට තල්ලු කරන කතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ආන්දෝලානාත්මක කතාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත.

“බාල වයස් දරුවන් හා කාන්තාවන් ආරක්ෂා සහිතව ජිවත් වන්න අවශ්‍ය නම් නැවතත් උතුරේ කොටින්ගේ බලය තහවුරු විය යුතු” බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කර ඇති ප්‍රකාශය මේ වන විට රට තුල මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. උතුරුකරයේ නැවත කොටින්ගේ බලය ඇති විය යුතුයි යන මේ කතාව කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් වීමේ හේතුවෙන් දකුණේ මේ පිලිබදව විශාල කැලබිමක් ඇති වී තිබෙන අතර, විවිධ මතභේදවලට ද තුඩු දී තිබෙනවා. එසේම ජාතිවාදය අත්වාරුවක් කරගෙන නැවත බලය ලබාගැනීමට උත්සාහ දරමින් සිටින පරාජිත දේශපාලන බලවේගවලටද මේ කතාව රසවත් මාතකාවක් වී හමාරය.

උතුරු ප්‍රදේශයට නැවතත් කොටින්ගේ බලයක් අවශ්‍ය බවට විජයකලා මහත්මිය විශ්වාස කරනවානම් පසුගිය වසර තිහකට වැඩි කාලයක්ම උතුරේ බලය තහවුරු කරගෙන සිටි කොටි සංවිධානයෙන් උතුරේ දමිල ජනතාව ලබාගත් ප්‍රගතිය මොනවාද? ඔවුන්ගෙන් ජනතාවට යහපතක් සිදුවුනාද? යන්න ඇය පැහැදිලි කල යුතුය. සමස්ථයක් වශයෙන් ගත කල කොටින්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශයේ දමිල ජනතාව තමන් ලබාගත් අයිතීන් කෙසේ වෙතත් ඔවුන්ගේ ආර්ථිකය සංස්කෘතිය සහ ඔවුන් දිනාගෙන තිබු සියලු දේ නැතිවී විනාශ වී ගිය බවනම් කවුරුත් දන්නා කරුණකි.

එම නිසා නැවතත් කොටි උවදුර ගැන කතා කර කර ප්‍රශ්න වලට මැදිවීම නවත්වා ඒ අදුරු යුගයේදී දමිළ ජනතාවගේ විනාශ වී ගිය ආර්ථිකය සංස්කෘතිය හා දේපල නැවත ප්‍රතිෂ්තාපණය කර ඔවුන් සැනසීමෙන් හා නිදහසෙන් ජිවත් වීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සටන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුලම ක්‍රියාත්මක කල යුතුය. උතුරේ දේශපාලන නායකයින්ගේ මග පෙන්වීම ද එසේම විය යුතුය. එසේ නොමැතිව නැතිවූ තම අයිතීන් හා හිමිකම් නැවත කොටින්ගේ පුනරාගමනයකින් ලබාගත හැකිවේවියැයි බලාපොරොත්තු වීම අනුවන ක්‍රියාවක් බව පැහැදිලිවම කිව යුතුය.

දශක තුනක කොටින්ගේ අවිගත් සටනින් දමිළ ජනයා දිනාගත් කිසිවක් නැති බව මා පැහැදිළිවම කියන්න කැමතිය. එම නිසා විජයකලා වැනි දමිළ ජනතාවගේ නියෝජිතවරියක් උතුරේ තරුණයින්ට නැවත කොටි ගැන සිහින මවන්නට ඉඩ හැරීමත් තමන්ගේ අයිතීන් දිනා ගැනීමට කොටින් හැර වෙන විකල්පයක් නැති බවට මතයන් ඔවුන් තුල ඇති කිරීමත් දමිළ ජනතාවට කරන ද්‍රෝහීකමකි.

ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගවලින් බැහැරව අතුරු සටන් මාර්ග වලින් අයිතීන් ලබාගැනීමට උත්සාහ කිරීම කිසි දිනෙක සාර්ථක නොවන බව එල්.ටී.ටී.ඊ.සංවිධානයේ වසර තිහක සටන් ව්‍යාපාරය අපට හො`ද උදාහරණයකි. අදාල කාල සීමාවේදී කොටි සංවිධානයට ජාත්‍යන්තරව කිසිම සහයෝගයක් නොලැබීම පිළිබදව ද අපගේ අවධානය යොමු කල යුතුය. මේ සත්‍ය සිදුවීම් අපට කිසිදා අමතක කල නොහැකිය.

අදත් උතුරේ හා දකුණේ සිදුවන දේවල් දෙස බලන විට ඉතාමත් කණගාටුදායක තත්වයක් තමයි තිබෙන්නේ. උතුරේ හා දකුණේ සිටින ඇතැම් දේශපාලකයන් කරන ජාතිවාදී ප්‍රකාශ අනාගතයේ සිදුවීමට යන අනතුරුදායක තත්වයක පෙරනිමිති පහළ කරමිනි. ලේ කුපිත කරවන ජාතිවාදී ප්‍රකාශ වලින් අද වන විට උතුරේ හා දකුණේ දේශපාලකයින් තර`ගකාරි ස්වරූපයකින් ක්‍රියාත්මක වෙමින් සිටි.

උතුරු පළාත් මහා ඇමතිවරයා ඇතුළු උතුරේ ඇතැම් දේශපාලන නායකයින් තමන්ගේ ජාතිවාදී ප්‍රකාශ හා කතාවලින් දකුණේ ජාතිවාදීන්ට ඔක්සිජන් ලබා දෙන තත්වයක් උදාකරන අතර, දකුණේ ජාතිවාදීන් කරන ඇතැම් බරපතල ප්‍රකාශයන් නිසා මෙරටේ සියලුම සුළු ජාතික ජනයාට බියෙන් හා සැකෙන් ජිවත් වීමේ අවිනිශ්චිත තත්වයක්ද උදාවී තිබේ.

මේ සියලුම ගැටළු තමන්ගේ වාසියට හරවාගෙන ජාතිවාදී ගිණි දැල් මැදින් හෝ තම අතින් ගිලිහි ගිය ආණ්ඩු බලය නැවත ලබාගැනීමට සිහින දකින ඇතැම් බලවේග තැටිය රත් වෙන තෙක් බලාසිටින්නේ රොටීය පුච්චා ගැනීමටය.

එම නිසා එවැනි දුෂ්G බලවේග වලට ප්‍රාණයක් හා නව ජවයක් තමයි විජයකලා තමාගේ කොටි කතාව තුලින් ලබාදීලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට ගරු කරන විනයගරුක මෙරටේ ජනතාව කිසි දිනක ආපසු මේ රට විනාශ මුඛයට ගමන් කිරීම අනුමත නොකරන බව මාගේ ඒකායන විශ්වාසය යනුවෙන්ද මන්ත්‍රීවරයා තම ප්‍රකාශයෙන් කියා සිටි.

– Mujibur Rahman

40 views

9 Comments to “විජයකලාගේ කොටි කතාවෙන් දකුණේ ජාතිවාදීන් ෆොම් වෙලා..”

  1. Niru says:

    Another ISIS donkey talking. He can’t remember that Muslims were chased out by his boss Prabakaran. This is because they were poor Muslims and they were not the previledged few like him from majority Sinhala areas of the country

    • "මුජි-බූරු" says:

      රාහු මෑන් කතාවෙන් නොවැ දකුණ කියවෙන්නේ
      ජාතිවාදිය මුගේ ඔලුවෙයි දරුනුවට පැහැවෙන්නේ
      විල්පත්තු විනාශය ගැනම නැහැ මෑන් හඟවන්නේ
      බාල වයස් දරු රාහු මෑන්ලම දීග දී බඩ කරවන්නේ

  2. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මූ මොන කබ්බෙක්ද බන් හැම දේකටම හොට දාන්නෙ මූ හිතන් ඉන්නෙ මූ හෙන පොරක් කියලා වෙන්නැති…සිංහලයට හරිහමන් නායකයෙක් නැති නිසයි මෙවැනි දේ අහන්න දකින්න ලැබෙන්නෙ…

  3. අපි සිංහල says:

    උඹලට වඩා ජාතිවාදියො තවත් කොහේද ඉන්නෙ? අපි සිංහලයො අපේ ජාතිය ගැන කතා කලොත් තමයි තොපිටයි,අනෙක් සුලු ජාතීන්ටයි පේන්නෙ ලොකුවට. ඔව්. අපි සිංහල ජාතිවාදියො තමයි. අපි මේ රටේ උරුමක්කාරයො. ඉතින් අපිට අපේ රට ගැන කැක්කුමක් තියෙනව තමයි. තොපි වගේ මේ කොහන්වත් ඇවිත් අපේ රට අල්ලගන්න දඟලන පරයන්ට අපි ඉඩ දෙන්නෙ නැහැ. හැබැයි එකක් මතක තියා ගනියව්. අපි සිංහල ජාතියට වල කපන්න හැදුවොත් විතරයි අපි නැගිටින්නෙ. එහෙම නැති තාක් කල් තොපි වගේ සුලු ජාතීන්ට අපෙන් කරදරයක් නැහැ.

  4. Kalan says:

    කාලකන්නි එනවා හැමදේටම ජාතිවාදී කියාගෙන, මුන් වාසි ගන්නේ ඔය කතාවෙන්, පර බල්ලෝ. උන් රට අල්ලනකල් අනිත් උන් ජාති වාදී, මුන් කරන්නේ ඔක්කොම සැලසුම් සහගතව රට අල්ලන වැඩ.

  5. සිංහල බන්ඩා says:

    මුජිබා වග‌ේ ජාති වාදි ආගම් වාදී හම්බය‌ො තමන්ග‌ෙ ඔලුව‌ෙ ගූ තියාගනෙ සිංහල අපට දකුන‌ේ ජතිවාදීන් කියා නිගරු කරනවා

  6. පුළුවන්නම් කියමු බලන්න අයි.එස්.අයි.එස් ,තලේබාන්,ජිහාඩ්ලා ත්‍රස්තවාදීන් කියලා.උන් තමන්ගෙම ජාතියේ මිනිස්සු සුන්නි, ෂියා,නිකායවල් වලට බෙදිලා මරාගන්නවා ඒවා වැරදියි කියලා,ඒ ත්‍රස්තවාදීන් තමන්ගෙම ජාතියේ කුඩා ගෑනු ළමුන්ව ,ගෑනුන්ව විකුණනවා දූෂණය කරනවා ඒවා වැරදියි කියලා.ආගම බදාගෙන ඒවට මොනවත් නොකියා සිංහල මිනිස්සුන්ට බණ කියන්‍න එන්න එපා.

  7. sam says:

    kata wahaganin paraya.

  8. David Milli-banda says:

    “විජයකලාගේ කොටි කතාවෙන් දකුණේ ජාතිවාදීන් ෆොම් වෙලා..”da OR Mujibhur ta kelin wela da?

Main News