විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..

July 3, 2018 at 3:50 pm | lanka C news
විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..

‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් රාජ්‍ය අමාත්‍යවරියක වන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(02) පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙනවා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න, ඒකීයභාවය රකින්න හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දරනවා. ඇය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද අසුන් ගෙන සිටි වේදිකාවක ‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ කියා කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් සහ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ නිසා ඇයට තවදුරටත් අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට. මේ ගරු සභාව තුළ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ’ ඇතැම් අය කියනවා ‘එයා මේක හිතේ අමාරුවට කීවා’ කියා. ඇයගේ හිතේ අමාරුවට වෙනත් දෙයක් කර ගන්න කියන්න. මෙහිදී නිහඩව සිටීමට මේ මව් පොළවට ආදරය කරන කිසිවකුටත් බැහැ.’’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

197 views

23 Comments to “විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..”

  1. nilu says:

    President/PM,
    Please remove this woman from ministry post and parliament.
    I strongly condemn her statement and behavior.

  2. Hari says:

    Oya lamayath kiwane parliament ekkata bomba gahanna onea kiyala

  3. OLU says:

    මන්ත්‍රී විජයකලා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැත //
    ගරු විමල් මහතාගේ ප්‍රකාශය නිවැරදියි ..එම ප්‍රකාශයට අපේ ස්තුතිය
    මන්ත්‍රී විජයකලාගේ ප්‍රකාශය අපි හෙළා දකිමු ..වහාම ඇයට විරුද්ධව නීතිමය පිරවර ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලමු
    මන්ත්‍රී විජයකලාව ඇමැතිධුරයෙන් ඉවත් කර අපේ රටින් පිටුවහල් කරනු
    රනිල් – සිරිසේන ඉල්ලා අස්වනු …එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න උදව් කරන රජයක් අපේ රට අවශ්‍ය නැත …වහාම මේ සම්බන්දව නීතිමය පියවර ගනු

  4. "L i T T l E " says:

    චීවර දමපු කෙනෙක් මෙය කීවොත් හිරේ දමයි
    ගැති සිංහලයෙක් මෙය කීවොත් ජම්පරය දමයි
    විජයකලාවට මෙය කීවොත් රූපවාහිනිය දමයි
    රණවිරුවෙක් මෙය කීවොත් ජිනීවා සමලු දමයි

  5. ත්‍රස්තවාදයට වචනෙකින් හො සහය ලබා දෙන සියළු දෙනාට තරාතිරම,වත්පෝසත්කම,ජාතිය,ආගම නොබලා නිසි දඩුවම් ලබා දිය යුතුමයි.

    පණ
    නැති
    නැමෙන
    නීතියේ
    කබල්
    සෙරෙප්පුවට
    පෑගෙන්නෙ
    දුප්පතුන්
    පමණි

    ලංකාවට හරියයිද යකෝ

  6. Anibal says:

    Kebarawansayata point ekak labila
    ugura le raha wenna kaa gahanna
    MaRa Horaa kaapu dewalawalata .NYT report ekata mu katen kela binduwak halwe naha.

  7. lokaya says:

    රාජපක්ෂ පළමුව එල්ටීටීඊය සමග සම්මුති ගැසුවේය. දෙවනුව එහි කොටසක් තමන්ගේ පැත්තට ගත්තේය. තෙවනුව ප්රභාකරන් විනාශ කිරීමේ යුද්ධය අවසාන කොට දෙමළ ජනතාවට එරෙහි වාර්ගික යුද්ධය යළි දේශපාලනිකව ආරම්භ කළේය. දෙමළ ධනපති පන්තිය නියෝජනය කරන විජයකලාගේ කතාවෙන් ප්රතිචාර දක්වා ඇත්තේ එයටයි. එල්ටීටීඊය නියෝජනය කළේ දෙමළ ධනපති පන්තියයි. චෞරවංශ උඩුබුරලන්නේ රටේ දේපළ විකුණු-මහජන මුදල් ගසා කෑ දූෂිත සිංහල ධනපති පාලක පන්තිය වෙනුවෙනි. එතැන දී රාජපක්ෂත් – වික්රමසිංහත් ඉන්නේ එකට ය.

Main News