විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..

July 3, 2018 at 3:50 pm | lanka C news
විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..

‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් රාජ්‍ය අමාත්‍යවරියක වන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(02) පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙනවා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න, ඒකීයභාවය රකින්න හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දරනවා. ඇය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද අසුන් ගෙන සිටි වේදිකාවක ‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ කියා කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් සහ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ නිසා ඇයට තවදුරටත් අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට. මේ ගරු සභාව තුළ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ’ ඇතැම් අය කියනවා ‘එයා මේක හිතේ අමාරුවට කීවා’ කියා. ඇයගේ හිතේ අමාරුවට වෙනත් දෙයක් කර ගන්න කියන්න. මෙහිදී නිහඩව සිටීමට මේ මව් පොළවට ආදරය කරන කිසිවකුටත් බැහැ.’’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

127 views

23 Comments to “විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු..- විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..”

  1. LION voice says:

    WELL SAID as always Hon Wimal Weerawansa on behalf of all of us the Deshaprami janathawa of Sri Lanka…….. jayama wewaaaaaaaaaaaaaaa!!

  2. Amda says:

    Ela !!! Hats off WW

  3. eranga says:

    අන්න කථාව! ඕකුන්ට ඕනි ඕනි විදියට හිතේ අමාරුවට කියන කරන ඒවාට ඉඩ දුන්නොත්. හෙට අපේ දරුවන්ට රටක් නැතිවෙයි!

  4. Asaranaya says:

    ඇගේ මිනිහත් නැති කාලෙ ඇති හිතේ අමාරුවට අපි පොලිමේ එන්නම්, විජෙ හු….කා …ලා නෙනි, හැබැයි කෙලින්වෙන්නේ නැති රානි අලයට නම් බැහැ

  5. "සෝභීතිය" says:

    රාජිතය කියන දෙයට විජය කලාවට හැසිරෙන්නේ
    ගෝටා එන භිතියටයි රාජිතය කුලප්පු කරවන්නේ
    රාජිතයා දේශද්‍රෝහිව රහසේමය උගුල් අටවන්නේ
    තැටිය රත්වනුව ඇයි කවුරුත් පොල් නොගසන්නේ

  6. rathne says:

    The speech by Vijakala Maheswarm is world well- planned propaganda by Tamil diaspora. From today they will make some ethnic tension in Sri Lanka, which helps more Sri Lankan Tamils can go to western countries including Australia under refugee plan. Some of the foolish politicians with the support of Tamil diaspora of those countries will help to absorb more such refugees ( Economic Migrant ) without think of any problems of there country.

  7. sathya says:

    Palayan Wimalo

  8. sathya says:

    Palayan Wimalo. Umbata oka kiyanna aithiyak naha.
    Umba suana wag.

    • සයනයිඩ් says:

      කොටිදෙන දුන්න කිරි බීලා මේ sathya
      පුල්ලිය වහගෙනම කියවයි මේ sathya
      සයනයිඩ් කරල තුන මැද ඇති මේ sathya
      උප්පැන්න අයිති උතුරට ඇති මේ sathya

    • Wijebahu says:

      suana wag….What is that? English or Tamil?

  9. Kings says:

    ඔබ ගැන අපිට ආඩම්බරයි වීරවංශ මහතානෙනි. හැබැයි මේ ජෝගි අස්සෙ අගමැට්ට රටේ තියන සම්පත් ටික විකුනල දාන්න අර අඳිනව වෙන්න පුලුවන්. ඇලර්ට් අකේ ඉන්න.

  10. පඹසිරා says:

    ෂංහිදියාව පවත්වගෙන යන්නනම් කලයුත්තේ එතුමියව මෙරටින් පිටුවහල් කිරීම නොව ඇයට තව තවත් හෙලිකොප්ටර් සවාරි
    ලබා දීමය.

Main News