විජයකලා මහේෂ්වරන් ගැන මට ආඩම්බරයි..- ඥාණසාර හිමි අමුතු කතාවක් කියයි..

July 11, 2018 at 1:20 pm | lanka C news
විජයකලා මහේෂ්වරන් ගැන මට ආඩම්බරයි..- ඥාණසාර හිමි අමුතු කතාවක් කියයි..

“විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද, ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.” මෙසේ පවසන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය.

“දේශපාලන පක්ෂවලට නායකයෝ ඉන්නවා. ඒත් මේ රටට නිසි නායකයෙක් නැහැ. පත්වූ හැම නායකයෙක්ම කළේ අපිව දුර්වල කරලා බෙදලා දාපු එක විතරයි” යනුවෙන් ඥානසාර හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පළ කළේ උන්වහන්සේට ආශීර්වාද කිරීම පිණිස කන්දකැටිය කන්දකැපූ උල්පත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැවැති ආශීර්වාද බෝධි පූජාවක් අවසානයේ පැමිණි පිරිස වෙනුවෙන් කෙටි අනුශාසනාවක් කරමිනි.

“හෙළ සදහම් සංවිධානයේ” ප්‍රධාන අනුශාසක හොබරියාවේ රතනසාර හිමියන් විසින් සංවිධානය කරන ලද මෙම ආශීර්වාද බොධි පූජාව සඳහා ප්‍රදේශයේ ගිහි පැවිදි අති විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ඥානසාර හිමියෝ මෙසේද කීහ.

“මේ රටට දැන් නායකයෙක් නැහැ. හැබැයි දේශපාලන පක්ෂවල නායකයෝ ඉන්නවා. නිදහසින් පසු ගෙවීගිය වසර 70ක කාලය තුළ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණුකොට අපිට හරිහමන් නායකයෙක් හිටියේ නෑ. දේශපාලකයෝ කළේ අපිව දුර්වල කරන එක. බෙදීම් ඇති කරන එක. මෙරට පාලනය කරන්න ආව පාලකයෝ අපිව දුර්වල කළා.
හැබැයි විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

මා සිරගත කිරීමෙන් පසු මේ රටේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා, බෞද්ධ ජනතාව විරෝධතා දක්වමින් බෝධි පූජා පවත්වමින් මා නිදහස් කර ගැනීමට කටයුතු කළා. අතීතයේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලද හැම කුලයකම උන්වහන්සේ ඒ කුලය වර්ගය රැකගන්න නායකත්වය දුන්නා. බුද්ධ පුත්‍රයන් ලෙස අපි මේ කරන්නෙත් අපේ ජාතිය ආගම රැකගැනීමට උත්සාහ කරන එකයි.

අපිට කන්නට කටක් තියෙනව වගේම කන්න බඩක් තිබෙනව වගේම ඉන්න රටක් තියෙන්න ඕනෑ.

ප්‍රභාකරන්ලා ආයුධ අතට ගත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලා. මේ රටේ ඉන්න නායකයන්ගේ නෝංජල්කම හින්දා විජයකලා වගේ ගෑනු අපේ නායකයන්ගේ කරෙත් නඟිනවා. අපි කැප කිරීම් කරන්න ඕනෑ. ජාතිවාත්සල්‍ය ඇති කරගන්න ඕනෑ. අපි මේ කරන දේ ප්‍රතිඵල තියෙන්නේ මතු උපදින අපේ දරුවන්ට. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරන්නට හිතට ගත යුතු යැයි මා ප්‍රකාශ කරනවා.”

– mawbima

215 views

37 Comments to “විජයකලා මහේෂ්වරන් ගැන මට ආඩම්බරයි..- ඥාණසාර හිමි අමුතු කතාවක් කියයි..”

  1. Sunil says:

    You both are curse to nation and you are burden to bhudist as long as you keep your mouth it is good for country

  2. රටට හිතවත් says:

    රටට මුල්තැන දීල ජාතියට මුල්තැන දීල මේ දෙකම ගැන අවංක කැක්කුමකින් ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට කටයුතු කරනවානම් එහෙම කරන්න. නැතුව හැමදාම කළා වගේ තව දුරටත් වචනයකින් හරි සතුරන්ට, ප්‍රතිගාමීන්ට වාසි වන ලෙස තව දුරටත් කටයුතු නොකර. තවත් එහෙම කරන්න කරන්න මේ රට අගාදයට යන ගමන ඉක්මන් කරන්න දායක නොවී. එහෙම නැත්නම් මේ සියලු නොතේරෙන විකාර වැඩ නතර කරලා ආගම, ධර්මය ගැන බැඳීමක් ඇතුව බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරලා ඉදිරි කාලයේදී වත් සාසන මාමකව කටයුතු කල ස්වාමින් වහන්සේ කෙනෙක් ලෙස සේවය කරන්න.

    • ලිහිණි says:

      අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට ය. සිංහලයන් සිංහලයන් වීම නිසා ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක්, එනම් වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අහිමි වී ඇත. කිසි ම ඓතිහාසික සාධකයක් නොමැති නිජභූමි සංකල්පයත් සමග ජේ. ආර්. – රජිව් ගිවිසුම ප‍්‍රතික්ෂේප කෙරීම සඳහා ඊනියා ප‍්‍රබුද්ධයන් හැරෙන්නට අනෙක් සියලූ සිංහලයන් එකතු විය යුතු කාලය පැමිණ ඇත. ඊනියා ප‍්‍රබුද්ධයෝ තම තමන් විසින් ම සමාජය තුළ ”ප‍්‍රබුද්ධත්වයට” පත් කරගෙන ”කීර්තියට” පත් වීමෙන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා දෙමළ ජාතිවාදයට සේවය කරමින් රටට ද්‍රෝහී වෙති. අද සිදුවන්නේ සිංහලයන් තම මතය දෙමළ ජනතාව මත බලෙන් පැටවීම උත්සාහ කෙරීමක් නොව දෙමළ ජාතිවාදීන් ඉතා ම විසංවාදී, ඉතිහාස විරෝධී අදහස් සිංහල ජනතාව මත බලෙන් පැටවීමකි. දෙමළ ජාතිවාදයේ පළමු යුග දෙකෙහි දී ඔවුහු තම මතය එසේ බලෙන් පැටවීම ගිනි අවි නොමැති ව එහෙත් මැතිවරණ වර්ජන, ඊනියා සත්‍යාග‍්‍රහ ආදී ආයුධ මගින් කෙරීමට උත්සාහ කළ හ. අද ඔවුහු එහි දී ගිනි අවි ද යොදා ගනිති. යුද්ධයට ප‍්‍රධාන හේතුව එය වෙයි.
      දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් අපට කියන්නේ එවැනි අවස්ථාවක දී දෙමළ ජාතිවාදයේ මතය පිළිගෙන නිහඩ විය යුතු ය යන්න ය. ඔවුන් ගේ ඊනියා යුධ විරෝධය යනු සිංහලයන් දෙමළ ජාතිවාදය ඉදිරියේ දණ ගැස්සීම සඳහා යොදාගත් උපක‍්‍රමයක් පමණකි.

  3. LION says:

    අමතක ක‍රන්න එපා පිරපාකරන් හින්දු නොවේ කතෝලික හින්දු අයගෙන් අපට ප්‍රස්නයක් නැහැ කොටි කල්ලියේ වැඩිදෙනෙක් කතෝලික මාලු කාරයෝ

  4. අපේ ස්වාමීන්වහන්සේ කතාකරන්නේ අවංක වේදනාවකින් හා උගත් පාඩම් තුලිනි.
    අප රට ජාතියට වී ඇති හෙනය ගැන කතා කරන හිමිවරුන් අතලොස්සෙන් පෙරමුණේ සිටින හිමිනමකි.
    ඔබවහන්සේට තිසරණ හා දෙවි පිහිට.

  5. Buddhist says:

    Ai ane Sinhala, Demala, Muslim, Malay, Burgher kya kya jathiwada avussanna nayakayo hoyanne. Ai LNKIKA KYLA API OKKOMA HITHAGANA EKA MAWAKUGE DARUWAKU SE NAYAKAYEK BIHIKARGANNE NATHHE?

  6. ප්‍රභාකරn says:

    මූගෙ සිව්‍රර ගලවල ඔලුවෙ ඔතන්න ඔනේ අසම්මත්ජාති ගනය

    • john the baptice says:

      ප්‍රභාකරn (islam fanatic)
      පළමුව සිකුරාදාට පල්ලියේදී අන්තවාදී ලෙබ්බේගේ ලෝගුව ගලවලා ඔලුවේ ඔතපන්
      මේ සිංහල බෞද්ධ රටක් ..ඉස්ලාම් රටක් නොවේ

  7. PULATHISI says:

    1.හාමුදුරුවනේ 2014 දි නෝර්වේ වලින් ප්‍රදානය කළ ආකාරයේ පූජාවක් ළඟදිත් ලැබිල වගේ.
    2. ඒවා පිළිගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ.
    3. ඒත් “නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගත්ත වගේ” අපේ ජාතික නායකන් වනසන එක නම් මෙලොවම විපාක දෙනවා.
    4. අපේ ජාතික නායකයන් විනාශ කිරීමේ ඊනියා යහපාලන ක්‍රියාදාමයට වක්‍රාකාරයෙන් හෝ මෙසේ දායක වන්නේ කාගේ දොලදුක සඳහාද? යන්න ජනතාවගේ ප්‍රශ්නයයි.

  8. Sudam Liyanage says:

    samaharak sinhalu kiyana katha beluwama lankawa hadanne kohomada kiyalth hithenaw hora nam dagena hambayo innawa godak api hedemu sihalune bedila meka hadanna be