විජයගෙන් පසු ලංකාවේ බිහිවූ එකම නායකයා සජිත්..

June 11, 2020 at 10:31 pm | lanka C news
විජයගෙන් පසු ලංකාවේ බිහිවූ එකම නායකයා සජිත්..

විජය කුමාරතුංග මහතා ගෙන් පසු තමන් එවන් නායකයෙක් ලෙස දකින්නෙ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් බන්ධනාගාර ගතකළ කර පසු මනසින් වැටුණු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා තමන් ගැන නිරන්තරයෙන් සොයා බැලූ බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයද තමන් පසුගිය කාලය කොතරම් වැඩකර තිබුණද ඒ කිසිවකු තමන් ගැන සොයා නොබැලූ බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මැතිවරණ අපේක්ෂකයන් සඳහා පැවති වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

385 views
Main News