විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

April 20, 2021 at 3:50 pm | lanka C news
විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථය ගැටී ඇත.

අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

—-

අත්අඩංගුවට ගන්නා ලද රඛිත රාජපක්‍ෂ මහතා පසුව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

79,892 views

43 Comments to “විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..”

  1. Sumudu says:

    How come Wijedasa son can effort to have a vehicle price over 40Million?

  2. සෙරෙප්පු සුප් says:

    චම්පික මොඩලයේ අනතුරක්.චම්පික මොඩලයේ හොර ගමනක්ද​? හරස් පාරෙන් ප්‍රධාන පාරට වග කීමකින් තොරව ඇතුල් කල වරදට දඬුවම් කල යුතුයි.උන්ගේ දරුවන්ටත් ශාප වේවා කියා නොපතමු.

  3. NuwanJ says:

    සාධාරණව හම්බකරපු මුදලින් ගත්තු කෝටි ගනන් වටින වාහන මැති ඇමති පුත්තු පදින්නෙ පවු බං..

  4. W. Rajapssa says:

    I have no doubt that Gotabaya is behind this. During my press conference I told he is out to destroy my family for uttering lies about PORT CITY. I have been a investigative lawyer and my preliminary investigations has revealed that Gotabaya has turned the GREEN Traffic Light to RED and sent the Wagon R with the intension to kill my son. Since he was under the influence of liquor he managed to hit the Wagon R square and escape.

    I am sure my group lead by Nurse Monk will support my findings.

Main News