විජයලකලාගේ ප‍්‍රකාශය ගැන පරීක්‍ෂණ තවත් ලොකු වෙයි.. අත්අඩංගුවට ගැනීමක් තාම නෑ..

July 31, 2018 at 4:40 pm | lanka C news
විජයලකලාගේ ප‍්‍රකාශය ගැන පරීක්‍ෂණ තවත් ලොකු වෙයි.. අත්අඩංගුවට ගැනීමක් තාම නෑ..

විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි කරන ලද ප‍්‍රකාශය ගැන කරන පරීක්‍ෂණ අධ්‍යනය කිරීම සදහා අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු පත් කර තිබේ.

අදාල සිදුවීම සම්බන්දයෙන් මේ වන විට පොලීසියෙන් සිදු කරනු ලබන පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපදෙස් ලබා දීම නිර්දේශ ඉදිරිපත් කිරීම ඔහු විසින් සිදු කිරීමට නියමිතය.

දැනට සිදු කර ඇති පරික්‍ෂණ ගැන වාර්තාවක්ද නීතිපතිවරයා වෙත යොමු කිරීමටද නියමිතය.

අදිල සිදුවීම ගැන මේ වන විට පොලීසිය විසින් 50 දෙනෙකුගෙන් පමණ ප ‍්‍රකාශ ලබා ගෙන තිබේ.

කෙසේ වෙතත් විපක්‍ෂය චෝදනා කරන්නේ මහජන නියෝජිතවරියක් ලෙස ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කරමින් අදහස් පල කිරීම හේතුවෙන් ඇය වහා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කල යුතු බවයි.

35 views
Main News