විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…

October 31, 2016 at 12:01 am | lanka C news
විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…

ශ්‍රී ලංකාව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391කි. මෙය ශ්‍රීලංකාව 1948 නිදහස ලබාගත් දින සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා ලබාගත් දෙශිය විදේශිය ණය වල ගෙවිය යුතු ශේෂයයි.

මෙසේ ලබාගත් ණය රටේ සංවර්ධනයට එනම් ඩී එස් යුගයේ ගල්ඔය ව්‍යපාරයේ සිට වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය, වලවේ, නොරොච්චෝලේ දකුණු අධිවේගය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල, ඉහල කොත්මලේ, කටුනායක එක්ස්ප්‍රස්වේ, ඇතුළු සියලු සoවර්ධන කටයුතුද මෙන්ම රටේ සහනාධාර සඳහා එනම් ඩඩ්ලිගේ නිකං හාල සේරුවේ සිට ඇට අටක් දීම , ජනසවිය උදාගම්, සමුර්දිය , තුනයි පනහට පාන් , පාසල් නිල ඇදුම්, පොහොර රුපියල් 350ට සහ විශේෂයෙන්ම තිස් වසරක් මෙරටේ තිබු දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයද නිමකිරීම හා රාජ්‍ය සේවය ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වැඩිකිරිම් ඇතුළු සියල්ලද ඇතුලත්වයි.

එහෙත් මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව අද වන විට මාස 22ක් ගතවී ඇතත් එම සමස්ථ ණය ප්‍රමාණය අඩුකොට නොමැති බවත් එම ප්‍රමාණය තිබුණාට වඩා මේ වනවිට රුපියල් බිලියන 9200 ක් ද ඉහල ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ රාජ්‍ය ණය පිටුව පරීක්ෂා කිරිමෙන් 2016 දෙවන කාර්තුවේ අවසානයේ එනම් 2016 ජුනි 30 දිනට බිලියන 9062 ලෙස සදහන් කොට ඇත. ඒ අනුව මාස 18 ක් සඳහා බිලියන 1671 දැවැන්ත ප්‍රමානයකින් සමස්ථ ණය වැඩී වී ඇති අතර එහි සඳහන් නොවුවද තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමානය බිලියන 9200 දක්වා ඉහල ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇත්ත වශයෙන් රජයට මීට වඩා ණය අවශ්‍ය වුවත් එය මේ වනවිට උපරිම සීමාවට පැමිණ ඇති බැවින් රජයට ණය ලබාගැනිමට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට යයි කියා මේ රජය ණය ලබාගත් බව නිතරම මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් කිව්වත් එසේ එම යුගයේ අවසාන කාර්තුව එනම් 2014 දෙසැම්බර් 31 දිනට තිබූ සමස්ථ ණය ප්‍රමානය වන බිලියන 7391 ක [එනම් 1948 සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා] ප්‍රමාණයේ අඩුවක් අද වනවිට මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව දැක ගැනීමට නොහැකිය. ඒ වෙනුවට අද මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය වශයෙන් 2016 ජුනි 30 වෙනි දිනට එනම් 2106 වර්ෂයේ 2 වෙනි කාරතුව අවසානයේ දේශිය හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9062 ක් ලෙස වැඩි වී ඇති බැව් වාර්තා කොට ඇත.

ඒ අනුව 2014 දෙසැම්බර් 31 දිනට ලබාගත් සම්පූර්ණ ණය රුපියල් බිලියන 7391 ට වඩා 25%කින් වැඩි වීමකි. එහෙත් මෙතෙක් දුන් අමුතු සහනාධාරයක් නැත, අලුතින් හදන අධිවේගි මාර්ග නැත. ජනතාවට බදු පිට බදු ගහන යුගයක් උදාවි ඇත. එමෙන්ම ලබන වසරේ අයවැයෙන් වෙනදාට වඩා අධ්‍යාපනිය කෘෂිකර්මය ග්‍රාමීය සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයට ඉතා අඩු මුදලක් වෙන්කොට ඇත.

ප්‍රාදේශිය සංවර්ධනය කියා වෙනම අමාත්‍යාංශයක් බිහිකිරීමේ අරමුණ තවමත් පැහැදිලි නැත. මන්ද එහි අමාත්‍යවරයා වන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහා ලබන වසර සඳහා වෙන්කොට ඇත්තේ සංවර්ධනයට රුපියල් මිලියන 125 කි. ඔහුගේ වියදම් සඳහා මිලියන 475ක්ද එකතුව මිලියන 600කි. මෙය මේ වසරේ අගමැතිවරයාගේ වාහන සඳහා වෙන් කල මුදල එම අමාත්‍යාංශයේ සංවර්ධනයට වෙන කල මුදලට වඩා වැඩිය.

අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුව මෙතනින්

30 views

7 Comments to “විජය රජුගේ සිට ජනපති මෛත‍්‍රී දක්වා ලංකාව ගත් සියළු ණයවලින් 20%ක් ගෙන ඇත්තේ යහපාලන මාස 22කදී… මුදල් අමාත්‍යංශයට සගවනු බැරි ඇත්ත මෙන්න…”

  1. sumanasiri says:

    රටකට ඕන අපමණ අගයක්…………………… ඒකට ඕනැ මෛත්‍රී යුගයක් …………

  2. ගමරාල says:

    පසුගිය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම සදහා එක් වූයේ එක් දැක්මක් මුල් කරගත් එක න්‍යාය පත‍්‍රයක් සහිත පිරිසක් නොවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

    එම පිරිසේ අරමුණු බලාපොරොත්තු විවිධ වූ බවද පවසන ඔහු අද වන විට ආණ්ඩුව පත්ව සිටින අර්බුදකාරී තත්වයටද එය ඉතා තදින් බලපා ඇති බවද සදහන් කරයි.

    අද රට පත්ව ඇති තත්වය ගැන කිසිසේතම සෑහීමකට පත්විය නොහැකි යයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සාකච්චාවකට එක්වෙමිනි.

  3. Jude Michel says:

    Fitch Ratings downgraded Sri Lanka’s sovereign credit rating to ‘B+’ from ‘BB-’ and assigned a negative outlook.

    The rating action was backed by the concerns raised by Fitch in the areas of higher foreign debt, weaker revenue and decline in foreign reserves.

    “The Sri Lankan sovereign faces increased refinancing risks on account of high upcoming external debt maturities. Further, the sovereign’s external liquidity position remains strained, reflecting pressure on foreign exchange reserves,” Fitch said.

  4. හාලිඇල අප්පුහාමි says:

    අපේ රට දුටුගැමුණු රජුගෙන් පසු එක්සේසත් කල නායකයා වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවියට ඔහුන්ගේ පාලන කාලයතුල නිතරම අමූලික බොරු චෝදනා කරමින් මහින්ද, බැසිල් හොරුන් ලෙස පෙන්වීමට දේශදෝහි අමනයෝ ක්‍රියාත්මක වුනා, හැබැයි එදා මේවට උත්තර දුන්නේ නැහ, ඒක නිසා අපේ රටේ අහිංසක මිනිස්සු ඒ බොරු විශ්වාස කලා, රත්තරං අශවයෝ , ලැම්බෝගිනි, රට පුරා ඉඩම් කඩම් ලොකු හෝටල් කියලා,
    අද වන විට සත්‍ය හෙලිදරව් වෙනවා, කෝ දූෂණය නවත්වලා ඉතුරු කරපු සල්ලි , ඒවට මොනවාද කලේ, ඇයි කිව්වේ රාජපක්ෂලා හොරකම් කරපු නාස්ති කරපු සල්ලි වලින් අධිවේග මාර්ග ලංකාව පුරාම හදන්න තිබ්බා කියලා, කෝ හැදුවද? තොපිට ශාප වෙවා අපේ රට බේරාගත් නායකයාට කරපු අපරාධයට,

    මහින්ද ජනාධිපති තුමනි, බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ජනතාව ඔබ සමඟයි,

  5. Wada bari tasan
    Badumkara magadiye result thamai oya

  6. Sam says:

    Yahapalana government have to borrow more as they need to pay interest of Rajapakse regime loans. They only get money to pay loans and not development. This way we can save money for the government ministers to buy luxury vehicles.

  7. ‍යුක්තිය්‍ says:

    My3 ජනාධිපති කරන්න සිංදු හදල කිව්ව එවුන් පවා ස්වාභාවදර්මයෙන් දඩුවම් ලැබෙයි….