විජාතික කොඩිය බිමදමා පෑගූ වාරියපොල සුමංගල හිමියෝ යලි පහලවෙති.. විජාතික ව්‍යවස්ථාව බිම දමා පාගති.. මැදගම හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවට පිට පිට තුන්වෙනි වරටත් අකුණු ප‍්‍රහාර..[Video]

October 20, 2017 at 11:16 pm | lanka C news
විජාතික කොඩිය බිමදමා පෑගූ වාරියපොල සුමංගල හිමියෝ යලි පහලවෙති.. විජාතික ව්‍යවස්ථාව බිම දමා පාගති.. මැදගම හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවට පිට පිට තුන්වෙනි වරටත් අකුණු ප‍්‍රහාර..[Video]

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කිසිසේකම උවමනා නැති බවට මල්වතු අස්ගිරි නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් ගත් තීරණය මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන්ගේම තීරණයක් ලෙස සැලකිය යුතු බවත් උන් වහන්සේලා කාරක සභාවන්හි සභාපතීත්වය දරන නිසා උන් වහන්සේලාගේ පින්තූර පල කිරීමේ කිසිදු නරදක් නැති බවත් අස්ගිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව සදහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අදාල කාරක සභාවක් රැස්වූවේ මහනාහිමිවරුන්ගේ නියමය පරදි බව සදහන් කරන උන් වහන්සේ එදින කල ප‍්‍රකාශය මහ නාහිමිවරුන් දෙදෙනාගේම ප‍්‍රකාශයන් බව වගකීමෙන් කියන බවද සදහන් කලහ.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නම් කිසිසේත්ම ගෙන එන්නට ඉඩ නොතබන බවද් උන් වහන්සේ වැඩි දුරටත් එහිදී කියා සිටියහ.

ආසන්න දින කිහිපයේදී මැදගම ධම්මානන්ද හිමියන් විසින් කරන ලද සෘජු ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි අති මහත් ප‍්‍රසාදාත්මක නිර්මාන පලවෙමින් තිබේ. ඇතැම් නිර්මාණයක දැක්වූයේ ‘1815දී සුද්දාගේ කොඩිය බිම දමා පෑගූ වාරියපොල සිරි සුමංගල හිමියෝ යලි වතාවක් මෙරට පහල වී විජාතික ව්‍යවස්ථාවද බිම දමා පාගමින් සිටින බවය’

292 views

15 Comments to “විජාතික කොඩිය බිමදමා පෑගූ වාරියපොල සුමංගල හිමියෝ යලි පහලවෙති.. විජාතික ව්‍යවස්ථාව බිම දමා පාගති.. මැදගම හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවට පිට පිට තුන්වෙනි වරටත් අකුණු ප‍්‍රහාර..[Video]”

  1. OLU says:

    ගෞරවනීය මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන්ට ඇතුළු ගෞරවනීය සංඝරත්නයට සිංහල බෞද්ධ අපේ පාද පුර්ව නමස්කාරය
    එදා අතීතයේ ….
    අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ සිංහලේ (වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයකි) විසූ බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිංහලේ පාලනය නිල වශයෙන් බ්‍රිතාන්‍යයන්ට බාර දීමට ප්‍රථම ඉහළ නැංවූ බ්‍රිතාන්‍ය කොඩිය (Union Jack Flag) බිම දමා.ගිවිසුම අත්සන් කර අවසාන වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් නැවත සිංහලේ සිංහ කොඩිය ඉහළ නැංවීමෙනි. පසුව 1818 නිදහස් අරගයේදී දන්ත ධාතූන් වහන්සේ දළදා මාලිගාවෙන් ඉවත් කර, නිදහස් අරගලයේ නායකයන් වෙත බාර දුන්නේය. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් එම වසරේදීම අත් අඩංගුවට පත් වූ අතර රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී.
    අද 2017දී අපේ රට බෙදුම්වාදය කරා ගෙනයන නව ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන එවැනිම උතුම් සංඝයාවහන්සේ නමක් වූ අස්ගිරි පාර්ශවයේ මහා ලේකනාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය.. නමස්කාරය… ප්‍රණාමය

  2. asaranaya says:

    එදා පර සුද්දාගෙ කොඩිය පෑගුවාසේ අද උන්ට ආවඩන කලු පරසුද්දාගේ ඔලු කරකවා ඔලුගෙඩි පාගන්න සූදානම් වෙමු අපේ හාමුදුරුවනේ.
    කෝ බොල 62 ලක්ශයේ බත්බැලයෝ, මට අහුවුනොත් එකා එකා බාවනව.
    මෙව කියන්නේ ලියන්නෙ හද කකියන ගැස්මෙන් පර සුනකයෙනි

  3. එඩ්මන් දණතිස්ස says:

    ඩොලර් කුට්ටි, සුඛෝපභෝගී වාහන සහ අනෙකුත් වරදාන
    වලට වඩා මවු බිමත්, සම්බුද්ධ සාශනයත් උතුම් කොට සලකන
    අපේ කාලයේ තවත් ඇදහිය යුතු යතිවරයෙක්!

  4. RUWAN says:

    ලෝකය වනෙස් වන විට පරණ දේවල් අලුත් විය යුතුයි ජේ. ආර්. අලුත් ව්‍යවස්ථාවක් ගේන කොටත් ඔය වගේ ගතානුගතිකයින් කෑ ගැහැව්වා දැන් ඒක වෙනස් කරනකොටත් සියල්ල දත් අය කෑ ගහනව. ගල්ලෑල්ලෙන් පොතට මාරැ වෙනකොට ගල්ලෑලි පොතට වඩා හොදයි කියල කෑ ගහපු හාමුදුරැ වරැ හිටිය. හෙන දේශප්පේරේමියො කමෙන්ට් දානව බොරැ නම් වලින්, ඉස්සර සියල්ල තීරණය කලේ හාමුදුරැ වරැ රටට වැඩක් වුනාද දැන් ඊට වඩා උගත් බුද්ධිමත් තරැණ පරජාවක් ඉන්නවා විශ්ව විද්‍යාල වල දේශපාලනය උගන්වනව. අන්තර්ජාලය හරහා දැන ගන්ඩ පුලුවං වීරවංශ ගූගල් වර්ජනය කරන්ඩ කිව්ව මම අද සී නිව්ස් බලන්නෙ ගූගල් වලින්. අපේ රට වෙනස් විය යුතුයි. මේ රට බේර ගන්නඩ නම් ගතානුගතික හණමිටි කාරයො පරද්දන්ඩ ඕන.

    • sanidu sooriarachchi says:

      ඔබ හරි. හණමිටි කරගහෙහන ම සංවර්ධනය වෙන්න අමාරුයි. හැබැයි රට බේරගන්න හණමිටි පරද්දනවා කියල බටහිරෙන් එන හැම දේම වැළඳගෙන හරියන්නෙත් නැහැ. අපේ අලුත් පරපුර google වන්දනාවේ ගියාට සංස්කෘතියක් තියන යුරෝපා රටවල් එහෙම කරන්නේ නැහැ. ඒකයි හණමිටි සහිත බ්‍රිතාන්‍ය රජ පරම්පරාව වගේම තවත් රජ වරු තාම බටහිර ඉන්නේ.
      උගත් යයි කියන විශ්ව විද්‍යාල ප්‍රජාව ගන්න තීරණ ගැන අපි හොදට දන්නවනේ. එකනේ සරල විසඳුම් තියෙද්දී තාම වෛද්‍යය පීඨයන් වහගෙන ඉන්නේ.
      එකක් මතක තිය ගන්න ඔය උගතුන් වඩා මේ රට මේ තත්වෙන් හරි තියගන්න පන්සලත් පල්ලියත් නොපෙනෙන මෙහෙවරක් කරනවා.

      • Saumya says:

        පල්ලියත් ,පන්සලත් දෙකම කරන්නේ බොරුව. ඒවා මොඩ මිනිස්සුන්ව ගොනාට අන්දලා ගාන හොයා ගන්නවා ජේ ආර්ගෙ වියාවස්තාවට ඒ කාලේ මරලතෝනි දුන්න උන්ට දැන් ඒක හොද වෙලා .

        • SALMAL says:

          ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා ගරුතර මහසන්ඝයාවහන්සේලා ගෙන් වූ සේවාව සුළු පටු නොවේ
          දේශීය සිරිත් විරිත්වලට ඇබ්බැහි වී අපගේ සිරිත් විරිත් ගරහන, අමතක කරන අපේම ජනතාව ගැන ඉතා කනගාටුයි .
          රට බේර ගන්නඩ නම් අපේ ජාතික අනන්‍යතාවය මදකුදු නොසිතන ජාතියට සතුරු සියලු දෙනාගේම පරගැතියාවට අපි පහර දිය යුතුයි.. නිදා සිටින සිංහලයන් අවදි කල යුතුයි
          රට බෙදීමට නව ව්‍යවස්ථා ගෙනෙන වත්මන් ආණ්ඩුව නෙරපා දැමිය යුතුයි
          ජෝකර් අගමැති වහාම ඉල්ලා අස් වෙනු

    • OLU says:

      @ RUWAN…Saumya
      රට බේරගන්න නම් මේ නව ව්‍යවස්ථාව පරදවන්න ඕනේ ..දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍යතා ඉටුකිරීමට ඉඩනොදිය යුතුයි
      උබලා වගේ මෝඩයෝ අවස්තාවදියෝ අපේ රටට පිළිලයක් ..අපේ රට හැදුනේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ..මේ රට අවුරුදු 2600 රැකගත්තේ අපේ ගෞරවනීය සංඝරත්නයයි …දෙමළ ,මුස්ලිම් ජාතිකයින් හෝ කලු සුද්දෝ නොවේ
      උගත් බුද්ධිමත් තරැණ පරජාවක් ඉන්නවා විශ්ව විද්‍යාල වල දේශපාලනය උගන්වනව. අන්තර්ජාලය හරහා දැන ගන්ඩ පුලුවං ..කවුද ඒ පිරිස ..ඔබවැනි දේශද්‍රෝහී කලුසුද්දෝද නැත්නම් දෙමල කොටි ඩයස්පෝරාවේ අයද ?රටක හැමදෙයක්ම අන්තර්ජාලයෙන් පාලනය කල නොහැක ..ලගදිද අන්තර්ජාලය ගැන ඔබ දැනගත්තේ ? ලෝකයේ කුමන රටේද විජාතික සරණාගතයින්, සුලුජාතින්ගේ බලපෑමට එරටේ උරුමය අලුත් ව්‍යවස්ථාවක් මගින් වෙනස් කර සුලුජාතින් ට බලය බෙදලා දුන්නේ ? නොදන්නා දේවල් ගැන බොරු ලියන්නේ නැතුව හිටු
      ඔබ වැනි දේශද්‍රෝහින්ට වඩා අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට උගත් කමක් බුද්ධියක් තියනවා .. යහපාලනයට කඩේ යන ඔබවැනි පහත් නිවට බත් බලයන්ට වඩා හොදයි ගෙවල් වල ඇතිකරන සුනකයෝ (බල්ලෝ )..
      මේ රටට සතුරු ආක්‍රමණ පැමිණි හැම අවස්ථාවකම පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් අපේ රටත් ජාතියත් ආරක්ෂා කලේ උතුම් සංඝරත්නයයි එවැනි උතුම්
      සංඝයාවහන්සේලාට අවමන් කිරීම අපි හෙළා දකිමු …කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරමින් ක්‍රිස්තියානි කතෝලික පල්ලි ගෙනගිය/ ගෙනයන LTTE ත්‍රස්තවාදී ක්‍රියාකාරී කම් ගැන ඇයි ඔබලා විවේචනය නොකරන්නේ ?

      • Saumya says:

        OLU mahaththayo

        sudhage dheawal athaerala balapan .ubata ithuruwenna amuda kella witharayi. ubea gaenith idhiyi udukaya eliye dhamaagena.
        You guys were civilized by white people..

    • Saradiel says:

      දෙමල .මුස්ලිම් සුලුජාතින් ට තැගිදෙන්න රටක් ලංකාවේ නැහැ ..මේ සිංහලයාගේ මාතෘභූමිය ..සිංහල බෞද්ධ රටක් ..එනිසා අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට රටේ ආගම ගැන කතා කිරීමට කිසිවකුගෙන් අවසර ගත යුතු නැත ..මේ රට ගොඩනැගුවේ ගමේ පන්සලයි …යුරෝපයේ සෑම රටක්ම ක්‍රිස්තියානි ආගමට ප්‍රමුකත්වයක් දී තිබේ දැන් ඔවුන් අන්‍ය ආගමිකයට අවශ්‍ය පරිදි ඒ රටවල ව්‍යවස්ථා වෙනස් කරනවද ? කරලා තියනවද ?
      RUWAN ඔබ බුරුවෙක් උනාට ඒ බව පෙන්වීමට උත්සාහ නොකරන්න ..

  5. Saumya says:

    ක්‍රිස්තියානි, බෞව්ද යනු ඉතා අහිංසක ආගම්. ආගමක් රැක ගැනීමට ආණ්ඩුක්‍රම වියවස්තාව අවශ්‍යයයි කීමෙන් අදහස් වන්නේ මිනිසාගේ ශක්තියෙන් එය රැක ගැනීමට බැරි බව නේද?
    එදා රජවරු ක්‍රිස්තියානින් සිංහයන්ට කන්නට දැම්මත් ක්‍රිස්තියානිය අවසන්වීද? නැත.
    එමනිසා අපට නම් වියවස්තාවේ සමතැනක්වත් අවශ්‍ය නැත. එය මිනිසා විසින්ම රැකගනු ඇත. ආණ්ඩුවේ සහයෝගයක් අවශ්‍යම නැත.
    පසුගිය දවසක මහායාන බෞද්ධයන් ඔෆිස් එකක් අරින්න ගිය විට ඔවුන්ව පලවා හැරපු බව කාටවත් දැන් මතකද දන්නේ නැත. මේ නියමය මීට වසර 2500කට කලින් තිබුණානම් ලංකාව බව්ද්ද රටක් විය හැකිව තිබුණේද?
    ආගම රැක ගැනීමට ආණ්ඩුවේ සහයෝගය ඉල්ලීම තරම් නිග්‍රහයක් තවත් ඒ ආගමට කල හැකිද?

    • Gxh says:

      Eka hari saumyo.. ithin umbata prashnayak neththan magulatada meke kotanne…

      • Saumya. says:

        I am typing here to give you some insight.
        Mahaloku baudhdha rate dhinakata wena rape ganana keeyadha?

    • ගුරුළු says:

      සිංහල බෞද්ධයෙනි ,ජාතියේ මුරදෙවතාවන්වූ අපේ මහාසංඝ රත්නය සමග එක්වී රටත් ජාතියත් ආගමත් රැකගනිව්
      කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
      කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස
      පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
      යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
      ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
      බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.

Main News