විජිතපුර පුරාවස්තු විනාශය අපි බාර ගන්නවා.. නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කලා..- නිවාස අධිකාරියේ සභාපති

May 14, 2018 at 12:00 pm | lanka C news
විජිතපුර පුරාවස්තු විනාශය අපි බාර ගන්නවා.. නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කලා..- නිවාස අධිකාරියේ සභාපති

අනුරාධපුර විජිතපුර පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වීමේ සිද්ධියට සම්බන්ධ සෘජුවම වගකිව යුතු ජාතික නිවාස සංවර්ධන අධීකාරියේ අනුරාධපුර කලමනාකරු ,ඉංජිනේරු ඇතුලු 4 දෙනෙකුගේ වැඩ තහනම් කොට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා කියා සිටියේය.

සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (13)  සංවර්ධන අධිකරියෙන් වව්නියාවේ කැලෑබෝගස්වැව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී සභාපති සාගර පලන්සූරිය මහතා කියා සිටියේ,

‘විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන වෙතට යන්ත්‍රසූත්‍ර යෙදවීම් ඇතුලු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අපිට පූරණ පරික්ෂණයක් කරන්නට උපදෙස් දුන්නා ඒ අනුව අපි ඒ ප්‍රදේශයට ගිය විට අපිට දැකගන්නට ලැබුනේ අප විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතියට අදාල වන ඉඩම් වලින් බැහැරව වෙනත් ප්‍රදේශයටකට අනවසරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදිගෙන ඇතුල් වී මේ අනවසර කටයුත්ත සිදු කර ඇති බවටයි.

ඒ මොහොතෙම අපි ඒ ව්‍යාපෘතිය භාරව සිටි සියලුම නිලධාරීන්ගේ වැඩ තහනමට ලක් කරා ඒ වගේම අපේ අතින් සිදුවූ අත්වැරද්දේ වගකීම අපි භාර ගන්නවා ඒ වරද ලොකු වරදක් අපි දන්නවා ඒ වරද නිවරදි කිරීම පහසු වන්නේ නෑ කියලා.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පරික්ෂණයක් කරනවා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය තවත් පරික්ෂණයක් කරනවා ඊට අමතරව ස්වාධීන මණඩලයක් පත් කරල තියනවා මේ ගැන වෙනම පරික්ෂණයක් කරන්නට ආරම්භ කර තියනවා.

මේ අනුව මේ සිදුවීමේදී වරද කරුවන්ට කිසිදු තරතිරමක් නොබලා දඩුවම් කරන්න කියලා අපිට අමාත්‍ය තුමාගෙනුත් උපදෙස් ලැබිලා තියනවා මේ පරික්ෂණව වල වාර්ථා මේ වන විට අපිට දිනපතා ලැබෙමින් පවතිනවා.යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97 views

13 Comments to “විජිතපුර පුරාවස්තු විනාශය අපි බාර ගන්නවා.. නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කලා..- නිවාස අධිකාරියේ සභාපති”

  1. Love nature says:

    මැදකොළඹ ලැවරිය විකිණු හිටපු ජනාදිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුත් සජිත් පේ‍්‍රමදාසට මෙතරම් මුදල් කොහෙන්දැයි සොයා බැලිය යුතු යයි දකුණු පළාත් සභා හිටපු ඇමති ඞී.වී. උපුල් පවසයි.

    යාල අභය භූමිය වසා තිබියදී එතුලට යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන ගොස් නිධන් හාරන බවත් එසේ කරන්නේ කවුදැයි සොයි බැලිය යුතු බවත් ඔහු කියා සිටී.

Main News