විජිතපුර බලකොටුට ඩෝසර් කරන දා රාත්‍රියේ ප්‍රබල ඇමති ආසන්න හෝටලයක… සියළු තොතුරු හෙලිවේ..
May 20, 2018 at 2:10 pm | lanka C news
අනුරාධපුර විජිතපුර බලකොටුව ඩෝසර් කරන්නට පෙරදා රාත්‍රියේ අදාල ඇමතිවරයා අනුරාධපුරයේ හෝටලයක නැවතී සිටි බවට සියළු තොරතුරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.
‘අපි කලින් සඳහන් කළ ඒ විජිතපුර බලකොටුව බිඳ දමා දුටුගැමුණු රජතුමා අවසන් සටන සිදු කළ ස්ථානය පසුගිය දිනවල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර තිබුණා.
ඒ වගේම ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක නටඹුන් ද ඩෝසර් කර දමා තිබුණා.
අද මේ රටේ පුරාවිද්‍යා අණපනත් මරා දමා තිබෙනවා.
විජිතපුර බලකොටුව තිබූ ස්ථානයේ අද නිවාස ව්‍යාපෘති සෑදීමේ මුවාවෙන් නිදන් හාරනවා. ඔන්න අද විජයග්රහණයක් අත්කර ගත් රටකට ගිය කල.
නිවාස ව්‍යාපෘතියට විජිතපුර බලකොටුව පිහිටි ප්‍රදේශය ඩෝසර් කරනකොට ඊට කලින්දා රාත්‍රියේ අදාළ ඇමතිවරයා අනුරාධපුරේ හෝටලයක හිටියලු. අපි ළඟ ඒ සියලු තොරතුරු තිබෙනවා.
මහා විජයග්‍රහණය කින් පසුව පාලනතන්ත්රයේ සිදු වූ වෙනසින් විජයග්‍රහණයේ සැමරුම නතර වී මෙවැනි පාපතර ක්‍රියා වන්ට ඉඩ ලැබී තිබෙනවා’
– අනුරුද්ද බණ්ඩාර
Chande kaale beduweth nidhan bus wenna ona. Ovata hena vadee. Lamayi yanne parissamin.
Bayawenna epa Musium eke kaduwa, Somawathiye nidan gatta nidan horunta wuna dema lagadima me nidan horuntath wenawa………………………..