විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස් පරීක්‍ෂණ.. ජ්‍යෙතිශ පොත අනුව ජනපති මිය යන්නේ නෑ..- බෝපගේ කේන්දර බලයි..

December 20, 2016 at 9:51 pm | lanka C news
විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස් පරීක්‍ෂණ.. ජ්‍යෙතිශ පොත අනුව ජනපති මිය යන්නේ නෑ..- බෝපගේ කේන්දර බලයි..

ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි විසින් කරන ලද ප‍්‍රකාශය ජනපති ඝාතතන කුමන්ත‍්‍රණ සැලසුමක කොටසක් යයි පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

විජිත් රෝහන විසින් කරන ලද ප‍්‍රකාශයන් සමබන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැන්වූ බවද ඔහු පැවසීය.

තමනටද ජ්‍යෙතිර් විද්‍යාව සම්බන්දයෙන් අවබෝධයක් ඇතැයිද කී ඔහු තමන් දන්නා සාස්ත‍්‍රය අනුව ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මිය යන්නේ නැතැයිද වැඩි දුරටත් සදහන් කලේය.

157 views
Main News