විජිත් රෝහණ පිස්සෙක්.. මගේ කල දවස නරක නෑ.. එහෙනං මං කොහොමද ජනාධිපති වුණේ.. – ජනපති
September 18, 2016 at 3:11 pm | lanka C news
තමන්ගේ කල දසාව ඉතාම නරක බව ඇතැම් ජ්‍යෙතිර්වේදීන් කියා තිබුනද ඒවා කියා තමන් බය කල නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පසුගිය සතියේ අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු එහි සිටි මැති ඇමතිවරැන් සමග පැවති සුහද සාකච්චාවකදීය.
තව මාස පහක් ඇතුලත ස්ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිය යන්නේ යයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි විසින් කියා ඇති අනාවැකිය ගැන අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා ඇත.
‘මිනිහගේ ඔලුව හොඳ නෑ. පහුගිය දිනවල වෙබ් සයිට් කිහිපයකට කියල තියෙනවා මගේ කල දවස ඉතාම නරකයි කියලා. ඒ තරම්ම නරක නම් මම කොහොමද අද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. ඕවා කියලා මාව බය කරන්න බෑ’ යයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.