විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

November 20, 2021 at 3:00 pm | lanka C news
විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙරට සතු වත්කම් ෙවන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කල ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින්නැයි අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ද ඔහු පැවසීය.

ඇමරිකානු සමාගම් විසින් ඇමරිකානු පුරවැසියන් බයකර මහරෑ මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

63,170 views

7 Comments to “විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..”

  1. චන්ඩි කොල්ලා says:

    මූට අධිකරණ ඇමතිකම දීලා තිබුණා නම් බැසිල්ගේ පත්වීම වැඩියෙන්ම සාධාරණීකරණය කරන්නේ මූම තමයි! ඇමැති දොලදුක සංසිඳෙනකම් ඔහේ දොඩවයි!

    • Saman says:

      මූට උපදෙස් දෙන්නේ මහින්ද .නාමල් රජ උන විගස මූ තමා අධිකරණ ඇමති .

      • Ajith says:

        නාමල්ට ජන්දය දෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්ද?

  2. MD says:

    කාටවත් සුදුහුණු ගෑමට අවශ්‍ය නොවුනත් විජේදාස මන්ත්‍රී කියන්නේ මොන ලෝකෙටවත් ඇතුල් කරගත නොහැකි දේශපාලුවෙක්.අතිශය භයානකයි.කිසිම විශ්වාසයක් තැබිය නොහැකි ගුණමකු චරිතයක්.

  3. සූම් නඩු says:

    ඇමෙරිකාවේ සූම් මගින් නඩු අහන එක හරිද පිං ගොනෝ..

  4. අමෙරිකානු ත්‍රස්තයන් ඡිවග්‍රහයෙන් අල්ලා සිරගතකිරිමට නොපමාව සහයෝගය ලබාදෙන්න,.! says:

    ”විඡයදාස තුමනි රට පාවාදෙන පරයන් පාර්ළිමෙන්තුව අක්‍රමණය කරනාලද අමෙරිකානු ත්‍රස්තයන් ඡිවග්‍රහයෙන් අල්ලා සිරගතකිරිමට නොපමාව සහයෝගය ලබාදෙන්න,.!

  5. Kalu Albot says:

    Basi kiyanne Ugema Bijja wunath Mas Kadeta Ugasthiyalaa panam atak hari saakkuwe daaganna balana Kaakkek! Salli hamba wenawaa nam Uge ammawa wunath wikunaawi!!