විජේදාසගේ චෝදනා කොටසක් බැහැර නොකරයි… කොටසක් බැහැර කරයි.. අභයාරාම මාධ්‍ය හමුවට විමල්ගෙන් ප්‍රතිචාර…
April 20, 2021 at 10:26 pm | lanka C news
චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ, ලොව මහා වාණිජ නගරයක් ලෙස මෙරට වරාය නගරය ඉදි වීමත් සමඟ අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි පැවැති කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අපි බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. වරාය නගරය කියන්නේ මෙතෙක් මේ රටට අයත්ව නොතිබුණු, මුහුද ගොඩකර ඉදිකළ ප්‍රදේශයක්. ඒ වගේම මීට පෙර කිසිදු පුද්ගලයෙකු වාසය නොකළ ප්‍රදේශයක්. ඒ මහා නගරය හැදෙන්නෙම මේ රටට ලෝකය පුරා සිටින ආයෝජකයන් සහ විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අරමුණෙන්. එවැනි මහා නගරයක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ගාල්ල නගරය පාලනය කරන ආකාරයට පාලනය කිරීමට බැහැ. ලෝකයේ එවැනි මහා වාණිජ නගර පාලනය වන ආකෘති තිබෙනවා. ඩුබායි, සිංගප්පූරුවේ සමහර නගර පාලනය වන ආකෘති නිදසුන් ලෙස දැක්විය හැකියි. එවැනි ආකෘතියක් තමයි අපි රජයක් ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ.
ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන ප්‍රතිපාදන ඇතුළත් නම් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දේවි, ඒ වගේම කළ යුතු දේ රජයට නියම කරාවි. නමුත් සංකල්පයක් ලෙස රජය වරාය නගරය සඳහා ඉදිරිපත් කර ඇති ආකෘතිය නිවැරදි ආකෘතියක් කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
වරාය නගරය කිසිදු ලෙසකින් අපේ රටේ අයිතියෙන් ගිලිහෙන්නේ නැහැ. වරාය නගරයේ පාලක මණ්ඩලයට පත් කරනු ලබන සියලුදෙනා පත් කරනු ලබන්නේ මේ රටේ ජනාධිපතිවරයා. එහෙමනම් ජනාධිපතිවරයා, මේ රටේ අයිතියෙන් ගිලිහෙන්න ඕනෙ. මේකට චීන කොලනියක් කියන රතු අලි පැටියගෙන් අහන්න, චීන කොලනි ලෝකයේ කොහෙද තියෙන්නේ, කියා. මේ මහා වාණිජ නගරය ඉදි වීමත් සමග අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව තමයි, මේ නිසා චීන කොලනියක් ඇතිවෙනවා, යැයි කියමින් ජනතාව තුළ හුඹස් බියක් ඇති කරන මේ රතු අලි පැටව් ඉටුකර දෙන්නේ. ඒකට මේ රටේ ජනතාව නොමග යා යුතු නැහැ
ආණ්ඩුව ඇතුළේ කිසිම අර්බුදයක් නැහැ!
ආණ්ඩුව ඇතුළේ කිසිම අර්බුදයක් නැහැ. ඕනෑම ආණ්ඩුවක් ඇතුළේ නිරෝගී සංවාදයක් තිබෙනවා. ඒ නිරෝගී සංවාදය ආණ්ඩුවට හිතකර මිසක් අහිතකර නැහැ. වෙන සිදුවීම් සම්බන්ධයෙන් කියන කතාවල ඇත්තක් තිබෙන්න පුළුවන් වුවත් විජේදාස රාජපක්ෂ මැතිතුමා වරාය නගරය සම්බන්ධයෙන් කියන කතා නම් පට්ටපල් බොරු. එතුමා පවසා තිබුණා වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා, කියා. එසේ වීමට කිසිදු ඉඩකඩක් නැති බව අවධාරණය කළ යුතුයි.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
Human think about the future and work don’t have short agenda and escape the current situation.
Without our knowledge china will take our economy and our country near future will not have sinhala people will have chinese like mushroom in SL.
Give an example of a country where Chinese have grown like mushrooms?
විජේදාස රාජපක්ෂ මැතිතුමා වරාය නගරය සම්බන්ධයෙන් කියන කතා නම් පට්ටපල් බොරු නොවේ ..මේ පනත් අපේ රටට අනතුරක් විය හැකියි
යෝජිත පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රතිපාදන වලින් රටේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බව පැහැදිලියි මුහුද ගොඩ කර නිර්මාණය කරන ලද හෙක්ටයාර 46.53 කින් යුත් කොළඹ වරාය නගර භුමිය ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළට ඇතුළත් වන භූමි ප්රදේශයක්වේ ..මෙම පනත් කෙටුම්පතේ 65-3 වගන්තිය මගින් කොළඹ වරාය නගර කලාපයට අයත් භූමි භාගයේ අයිතිය මෙම පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා.යෝජිත කොමිසම වෙත මෙවැනි ඉඩම් ප්‍රදානයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමෑත .මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය වෙනම ස්වාධීන රාජ්‍යයක තත්ත්වයකට පත් කොට ඇත
විජේදාසය කියන්නේ හැම තිස්සෙම තමුන්ගේ වාසියටම වැඩ කොරන, තමුන් ගැනම විතරක් හිතන, අත්තෙන් ඇත්තට පනින, සල්ලි වලට උගේ අම්මවයී ගෑනිවයී උනත් විකුණන අවජාතික කාලකන්නියෙක් කියල ආයේ කියන්න ඕනේ නැහැනේ. මුන් වගේ අවජාතක හොර හැත්ත කියන දේවල් විශ්වාස කොරන්නේ එක්කෝ අමු ගොන්නු නැත්තන් උ වගේම යටි හිතේ ගූ හංගන් තමන්ගේ වාසියට වැඩකරන අවජාතක කාලකන්ණි හැත්තම් තමයී ඉතින්. ලෝකේ හැම එකාටම කෙලවන අමෙරාකවටයී අපේ රටට හැමදාම කෙලවන ඉන්දියාවටයී මේකේ තියෙන කැක්කුම මොකද්ද එතකොට? උන් දෙගොල්ලම 21 වන සියවසේ හිඟන හැත්ත. මුන් තමයී වෙස විජේදාසයයී ජෙප්පොයී සමගි බලවේගයේ වේලෙන හාල්පරුවොයී හොර ඝනයෝයී සල්ලි දීලා ෆෝරම් කොරන්නේ. මුන් දෙගොල්ලෝ ආසියාවටයී මුළු ලෝකෙටමයී සාපයක්.
My dear brother be careful !!! gota saha mahindha already sold the our beautiful srilanka to corona producer china…
Human think about the future and work don’t have short agenda and escape the current situation.
Without our knowledge china will take our economy and our country near future will not have sinhala people will have chinese like mushroom in SL.
hello Dont write future not have sinhala people in srilanka live Tamils, muslims, and burgers and also some other peoples before write something u must think Dont write like a fool…