විජේදාසට තවත් බාල්දියක්.. මහරගම ආසන සංවිධායක ධුරයෙනුත් ඉවත් කරයි..

September 26, 2017 at 11:20 am | lanka C news
විජේදාසට තවත් බාල්දියක්.. මහරගම ආසන සංවිධායක ධුරයෙනුත් ඉවත් කරයි..

මැතකදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගැනීමට නියමිතය.

මෙම ආසනය ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක එජාපයට එක් වූ පසු ඔහුට ලබා දෙන බවට වාර්තා පල වුනත් තවත් අරංචි මාර්ගයක් සදහන් කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, යොවුන් පෙරමුණු සභාපති නීතීඥ එරංග වැලිඅංගේ මහතා පත් කරනු ඇති බවයි.

48 views