විජේදාසට පොහොට්ටුවෙන් විනය පරීක්‍ෂණයක්..

April 18, 2021 at 6:26 am | lanka C news
විජේදාසට පොහොට්ටුවෙන් විනය පරීක්‍ෂණයක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

විජයදාස රාජපක්ෂ මහතා විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන අයෙක් බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය මත ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

19,835 views

14 Comments to “විජේදාසට පොහොට්ටුවෙන් විනය පරීක්‍ෂණයක්..”

  1. අක්කර 2 says:

    1815 උඩරට ගිවිසුමටත් එහා යන පෝට් සිටි පනතෙන් බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම යට පත් කරන විජේදාසට පෝට් සිටියෙන් අක්කර 2ක් දෙන්න.

    • GULLE ANA-WANSA -COLOMBO-7 says:

      හැමදාම එක එක ආණ්ඩු අටවන්න ආපු ඇල්ලේ මෙදාත් වලිකන්නේ රට අරාජික කිරීමටය. ඉන්දියන් මුදලට ගිජුව නොලැබුන පාක්කුඩම් වලින් විස්සෝපව නරිනාඩගම් නටන්නට යන ඇල්ලේටත් සෝභිත හිමිට මෙන්ම දුර නොපෙනේද?

    • King Kong says:

      ආණ්ඩුවේ නළු නිලියෝ විශිෂ්ඨ රංගනයක යෙදෙමින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හෙවත් ඉන්දියාව හා මෝදිව ගොනාට ඇන්දවීම යස අගේට කරගෙන යනවා.
      ඊලඟ අදියර පෝර්ට් සිටි ලණුව දී චීනාගේ කොණ්ඩය බැදීමයි.
      කෙසේ නමුත් By the way of deception ගහන රාජ්‍යතාන්ත්‍රික ගේම් හරියනකම් හොඳා,වරදිනකොට බෙල්ලම කදින් වෙන් වනු ඇත.

    • 19 වන සංශෝධනය සිදුකිරීමේදී මුලින්ම සිටි විදේශීය කොන්ත්‍රාත් කරුවා මේ රාජදුරවාගේ විජේදාස ලෙස ඉපද දැන් විජේදාස රාජපක්ෂ ලෙස පෙනී සිටින මොහු බව මේ රටේ ජනපති හා අගමැති ඇතුළු සියලුම දෙනා වසර 5ක් යන්නටත් මත්තෙන් අමතක කිරීම ඉතා කණගාටුවට කරුණකි. මොහු උපන්ගේ සිටම විදේශිකයන්ගේ බලල් අතකි. අවාසනාවකට කොළබ දිස්ත්‍රිකයේ බොහෝ චන්ද දායකයන් පවා රවටා උන්ගේ ජන්දය ගෝඨා සහ මහින්දගේ නම විකුණමින් කොළබ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට පක්ෂ චන්ද කුට්ටි පිටින් වංචනික ලෙස ඩැහැ ගෙන පාර්ලිමේන්තුවට ගොඩවිය. දැන් මේ රගපාමින් සිටින්නේ බටහිර බලවේග මගින් මොහුට පවර ඇති කොන්තරාත්තුව ඉටුකිරීම පිණිසය. මූ පට්ට පල් හොරෙකි. මොහුද රගපාමින් සිටින්නේ රදා සජිත්, පර ජෙප්පෝ සහ අනෙකුත් කුමන්ත්‍රණකාරී NGO නඩ සමග එකතුවී කරන රගපැමකි. මූ පට්ටපල් හොරෙකු මෙන්ම පට්ටපල් දේශපාලන කුමන්ත්‍රණ කාරයෙකි. මූ මේ දගලන්නේ ලබන වතාවේ පොදු අපේක්ෂකයා වීමේ සිහිනයේ සිටය. මූ පසුගිය කාලයේ තිබු සියලුම JVP පච සටන් පාඨ අතට ගෙන ඉදිමෙන්ට තටමති. අතටනොගත් එකම සටන් පාඨය පරිසරය පමණි. කොච්චර තැටමුවත් බෙට්ට තවමත් මගය.

  2. drw says:

    Shangrila හෝටලය හදන්න ලංකාවේ භුමිය සින්නක්කර දෙන කොට ඔය කියන දේශප්‍රේමියෝ කොහෙද හිටියේ.
    විදෙස් ණය ගෙවන්න හිතාමතාම/ නොසැලකිල්ලෙන් ලංකාවට අවාසි කොන්දේසි ඇතුලත්වනසේ ගිවිසුම් සකස් කලාද කියලා වෙනම හොයන්න ඕනේ.

    • GULLE ANA-WANSA -COLOMBO-7 says:

      හැමදාම එක එක ආණ්ඩු අටවන්න ආපු ඇල්ලේ මෙදාත් වලිකන්නේ රට අරාජික කිරීමටය. ඉන්දියන් මුදලට ගිජුව නොලැබුන පාක්කුඩම් වලින් විස්සෝපව නරිනාඩගම් නටන්නට යන ඇල්ලේටත් සෝභිත හිමිට මෙන්ම දුර නොපෙනේද?

    • NImal says:

      එතකොට 2016 පෝටි සිටිය නැවත වැඩ පටන් ගන්ඩ පැනල්ටි විදියට අක්කර 16ක්ම සින්නක්කර දෙනකොට උඹ වගේ රෙදදේ බඩ ගිය දේශප්‍රේමින්කොහෙද හිටියේ බං? එතකොට මෙි සැලැස්ම ඒවිදියටම 2018 මෙගාපොලිස් කියාලා එනකොටඋඹ හිටියේ පා.චගේ සරම අස්සෙද බොල????

  3. Janaranjana says:

    විජේදාස සහ ආනන්ද හාමුදුරුවෝ පිටුපස සිටින්නේ කවුද කියා පෙර පාසැල් යන ළදරුවෙකු පවා දන්න්වා. මේවා වීදුරු ගෙවල් වල සිට ගල් ගසනවා වැනි වැඩක්. ජනාධිපති ඉක්මනින් බලයෙන් පහකිරීමට විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනව. මේ පිටුපස රනිල් හෝ සජිත් සිටිනවා නම් ඒක තමා දේශපලනය .නමුත් ඔහුන් මේ වගේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ නෑ. කණ්ගාටුවට කරුනනම් තමන්ගේම අය පිටුපසින් සිටීමයි. මේ කුමන්ත්‍රණය සැලසුම් සහගතව කරන දෙයක් මෙතෙක් කල සියලුම හොරකම් ජනාධිපතිගේ ගිණුමට බැරකලා .මේ සදහා ජනමාද්‍ය උපරිම සහය ලැබුනා. මේ යන ආකාරයට ජනාධිපතිට තවදුරටත් මේ දූරයේ රැදී සිටීමට නොහැකියි. එසේ උනොත් තව තවත් අවමානයට ලක්වීමයි. දැන් මර්වින් සිල්වා වැනි හොරිකඩ සුනකයින් ලවාත් පහර දෙන්ඩ පටන් අරන් එතුමාට දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිනම් කලයුත්තේ .දූරයෙන් ඉවත් වීමයි. එසේ නොමැතිනම් මේ පිටුපස සිටින ප්‍රභලයාට ලිකිතව පොරොන්ඩුවක් දිය යුතුයි නැවත ජනාධිපතිවරණයට තරග නොකරන බවටත්. එම අවස්තාව ඔහුගේ පුත් කුමරාට ලබා දෙන බවටත්.

    • Amaris says:

      100% agree. That’s just everybody says.

    • Deelaka Fer says:

      ඔයා කියන්නේ ඒ පුත් කුමරාගේ පියාද මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ????? මම සිරාවටම අහන්නේ දන්නේ නැති නිසා

  4. කුහකයා says:

    ඔවැනි එවුන්ට දියයුතු දඩුවම ඕක තමයි. කවුරු, හරි හෝ වැරදි වේවා තැනක විනයක් නැතිනම් කිසිවක් කල නොහැකියි. රටේ ජනාධිපති වරයා, රජය, සාමූහික වගකීම විවේචනය කරන, කඩකරන අය අනිවාර්‍යයෙන්ම එලවා දැමිය යුතුයි. විපක්ෂයට ආවඩමින් ඉන්නවාට වඩා විපක්ෂයටම තල්ලු කරදැමීමයි කලයුත්තේ. මෙවැනි දඩුවමක් JR Jayawardane ඔහුගේ මංත්‍රී වරයෙකුටත් දුන්නා අපට මතකයි.

  5. බන්ඩා says:

    විජේදාස නැවත 🐘🐅🐪🔔 රැලට එක් විය යුතුය්.

  6. බන්ඩා says:

    විජේදාස නැවත 🐘🐅🐪🔔 ☎️ රැලට එක් වී අච්චාරැ ආණ්ඩුවක් හදන්න පෙරමුන ගත යුතුය්.

  7. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පොදුජන පෙරමුන කියන්නෙ දේශපාලන පක්සයක් නෙමේ ඒක රජ පවුලට බලයට ඒමට සහ බලය පවත්වා ගැනීමට අටෝ ගත්තු එකෙක්.ඒකෙ ව්‍යවස්තාව කියන්නෙ රජ පවුලේ කැමැත්ත.ඕකෙ ආයි මොන විනයක් හොයන්නද එහෙම බැලුවොත් ඕකෙ ඉන්න ප්‍රාදේශීයමන්ත්‍රී ලගෙ ඉදන් ඔක්කොම විනයක් ගෑවිලාවත් නැති මදාවි

Main News