විජේදාස අවසන් තීන්දුව දැනුම් දෙයි.. එජාපය පල නොකියා පලා බෙදයි..

May 8, 2017 at 3:50 pm | lanka C news
විජේදාස අවසන් තීන්දුව දැනුම් දෙයි.. එජාපය පල නොකියා පලා බෙදයි..

ඇමති සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්‍ෂයේ ඉහල තනතුරක් ලබා දුනහොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ඇමති මලික් සමරවික‍්‍රම මහතාට දන්වා තිබේ.

එහිදී ඇමති මලික් පවසා ඇත්තේ පක්‍ෂයක් ලෙස අදාල තින්දුව ගෙන ඇති නිසා තමනට දැන් කල හැක්කක් නැති බවකි.

මේ අතර ෆොන්සේකාගේ නව තනතුරට කලින් විරෝධයක් පෑ ඇමති හරීන් ප‍්‍රනාන්දු තම විරෝධය අවසන් කරමින් ඇමති ෆොන්සේකා අමතා පවසා ඇත්තේ ඔහුගේ නව තනතුරට තමන්ගේ විරෝධයක් නැති බවයි.

මේ අද අද පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව තනතුරු පත් කිරීම සිදු නොවී ඊළග හමුවට කල් දමනු ඇති බවද වාර්තා වෙයි.

26 views

One Comment to “විජේදාස අවසන් තීන්දුව දැනුම් දෙයි.. එජාපය පල නොකියා පලා බෙදයි..”

  1. මහව මුනිද්‍ර says:

    විජේදාස මහතා මේ ප්‍රශ්නයමත ආණ්ඩුව හැර නොයන බව පෙන්නුම් කරයි .එසේම ඔහු කිසි ලෙසකින්වත් සිරිසේන මහතා ප්‍රමුක ශ්‍රීලනිප පක්ෂය සමග එක් නොවන බවත් කිව හැකියි .එසේ එක් වීමක් යම් අයුරකින්හෝ සිදුවුවහොත් එය සිදුවන්නේ රජය විසුරුවීමට ඉතාම ආසන්න අවස්තාවක පමණකි .දැනට මෙතුමා පාර්ලිම්න්තුවේ ස්වාදීනව සිටීමට වඩා නිහඬව සිටීම පෙන්නුම් කරයි නමුත් එය සිදුවීමේදී මාද්‍ය ප්‍රකාශ ආදිය නිකුත් විය හැකි බව පෙන්නුම් කරයි .

    මේ අනාවකියෙන් කොටසක් නිවැරදිව මේ ආකාරයෙන්ම සිදුවන අයුරු ඔබට තව දින කිහිපයකින් දැකගත හැක .එවිට මගේ අනාවැකිය මතක්කරගන්න .වැඩි විස්තර අවශ්‍යනම් ලංකා සි නිව්ස් කොමෙට් වල මහව මුනිද්‍ර හට විවුර්ත ආරාධනයක් කරන්න .
    බොරු සාස්තර කාරයන්ට නොරැවටෙන්න

Main News