විජේදාස ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක.. පොදු අපේක්ෂක සිහිනයෙන් මහින්දගේ ගුලි කාලා..

August 23, 2017 at 12:04 pm | lanka C news
විජේදාස ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක.. පොදු අපේක්ෂක සිහිනයෙන් මහින්දගේ ගුලි කාලා..

‘ඇදුම ඇතුලේ නයි දාගෙන කනවා කනවා කියලා තේරුමක් නෑ නයා අරගෙන එළියට දාන්න ඕනේ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ රුපියල් ලක්ෂ 20 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද ගොතටුව මල්පුර මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

‘2015 ජනවාරි මාසේ 08 වෙනදා රටේ ජනතාව මේ ආණ්ඩුව පත් කලේ.එවකට පැවැති පාලනය අයින් කරලා මේ රටෙන් දූෂණය, වංචාව නාස්තිය හා මිනීමැරුම් මුළු මනින්ම තුරන් කරන්න කියලයි. එක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඒවාට සම්බන්ධ වුණු අයට නඩු විභාග කරලා නිසි දඩුවම් ලබා දීම. අපි ජනතාවටත් ඒ දේ පොරොන්දු වුනා.

දෙවැනි  එක තමයි අපේ ආණ්ඩුවෙත් මේ ආකාරයේ වැරදි වෙනවානම් අපි විරුද්ධයි කියලා කිව්වා. එතකොට මේ පරීක්ෂණ කරගෙන යන ආකාරය දිහා ජනතාව බලාගෙන හිටියා. පක්ෂය හා පසුපෙළ මන්ත්‍රීවරු විදිහට අපි බලාගෙන හිටියා.

අවුරුදු දෙකක් ගියා ඇත්තටම අපිට ලැජ්ජයි. මොකද හේතුව මීනීමරුම් වලට නඩු දාගන්න විදිහක් නෑ, හොරකම් කරපු එවුන්ට දඩුවම් දෙන්න විදිහක් නෑ.එතකොට මේ වගේ අවස්ථාවලදී අධිකරණ ඇමතිවරයාගේ වගකීම තමයි මේ රටේ ව්‍යස්ථාවල යම් අඩුපාඩු තියෙනවානම්,  ඒවාට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා පක්ෂයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනතාව බලාපොරොත්තු වූ ආකාරවට හොරුන්ට, තක්ඩීන්ට , මිනීමරුවන්ට දඩුවම් ලබා දෙන එක. ඒක එතුමා කරන්නේ නැතිව රට වටේම බයිලා කියව කියව යන්නයි, පක්ෂය නායකතුමාව විචේනය කරගෙන යනවා නම්, පක්ෂයේ ප්‍රතිපත්ති කඩනවානම් එතුමාව එළියට දාන්නේ නැතිව මොකක්ද කරන්න කියන්නේ.

අනිත් එක තමයි පොදු අපේක්ෂක සිහින තියාගෙන මහින්ද මහත්තයාගේ ගුලි කාලා , ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවලක උගුලකට එතුමා හසුවීම පිළිබදව අපට කරන්න දෙයක් නෑ දැන් අපිට කියන්න තියෙන්නේ අර ගමේ පරණ කියමනක් තමයි ඒ තමයි ඇදුම ඇතුලේ නයි දාගෙන කනවා කනවා කියලා තේරුමක් නෑනේ. නයා අරගෙන එළියට දාන්න ඕනේ ඒක තමයි අපි කරන්නේ’

– මිනුර රෂාන්ත

23 views

4 Comments to “විජේදාස ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක.. පොදු අපේක්ෂක සිහිනයෙන් මහින්දගේ ගුලි කාලා..”

  1. kanthi says:

    KALA KANNI JATHI VADIYA

  2. daham says:

    ane ayi thaman modayek kiyala loketama pradarshanaya karanne. kata piyagena hitiyanam pandithaya wage inna puluwan

  3. Mahasona says:

    මරික්කාර් ඇයි රටම වනසන බදියුදීන් ,ගැන කතා නොකරන්නේ ? අන්තවාදී මුස්ලිම් ජාතිකයන් කරන වැරදි පෙන්නේ නැද්ද ?
    සිංහලයන්ගේ වැරදි ගැන කථා කරන්නේ මරක්කලයෝ හරිම සුදනෝ වගෙයි ..මේ සිංහලයාගේ රට ..වැඩිය උඩ පනින්න එපා
    ගරු මහින්ද නිසයි අද මේ රටේ නිදහසක් තියෙන්නේ …උබල වගේ ගුණමකු මරක්කලයින්ට කොටි ගහලා මදි

  4. උකුස්සා says:

    සිරිසේන-රනිල් දැන් මේ මරික්කාර් වගේ නයි පාර්ලිමේන්තුවේ ඇතුලේ දාගෙන හිටියට මොහුගේ හැටි තේරෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගත්තට පස්සේ …..
    තම්බි තොප්පිය කරකවන්නේ ආසාවට නොවේ …අපේ රට අත්පත් කර ගන්නා තුරුයි ..ඊට පස්සේ අල්ලාහු අක්බාර් තමයි ..කෆිර්ගේ බෙල්ලට තියන්නේ අල්ලාහ් ගේ කඩුව ,,අපේ සිංහලයා මේ බව තේරුම් ගත යුතුයි

Main News