විජේදාස ඉල්ලා අස්නොවේ… ජනාධිපති අස් කරන තෙක් සිටී..

August 23, 2017 at 10:40 am | lanka C news
විජේදාස ඉල්ලා අස්නොවේ… ජනාධිපති අස් කරන තෙක් සිටී..

අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාගේ තීරණය ලැබෙන තෙක් සිටින බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

ඇමතිවරයා ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා හමු වී සාකච්චා කර ඇතැයිද සදහන් කරන ඔහු ඇමතියධූරයෙන් ඉල්ලා අස්වීම ගැන මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැතියිද සදහන් කරයි.

මතුව ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තීරණය ලැබෙන තුරු විජේදාස රාජපක්‍ෂ මහතා බලා සිටින බවද ජනාධිපතිවරයාගේ තීන්දුව මත සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් ඔහු සදහන් කරයි.

එමෙන්ම ඇමතිවරයා අද පෙරවරුවේ යොදාගෙන තිබූ සිය අමාත්‍යංශ කාර්ය මණ්ඩල හමුව ජනාධිපතිවරයාගේ තීරණයෙන් පසුවට කල් දමා ඇති බවද වාර්තා වෙයි.

43 views
Main News