විජේදාස ඉල්ලා අස්වෙයි.. අවසන් වරට කාර්ය මණ්ඩලය අමතයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශය සූදානම්…

August 23, 2017 at 9:20 am | lanka C news
විජේදාස ඉල්ලා අස්වෙයි.. අවසන් වරට කාර්ය මණ්ඩලය අමතයි.. පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශය සූදානම්…

විජේදාස රාජපක්‍ෂ මහතා අද දිනයේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඔහු අවසන් වරට අද අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණීමට නියමිත බව ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියෙක් සදහන් කලේය. ඇමතිවරයා අද දිනයේ සිය කාර්ය මණ්ඩලය අවසන් වරට අමතනු ඇතැයිද ඔහු සදහන් කලේය.

නව අධිකරණ ඇමති ලෙස තලතා අතුකෝරලත් බුද්ධ ශාසන ඇමති ලෙස රවීන්ද්‍ර සමරවීරත් පත්වන් ඇති බවටද වාර්තා පලවෙයි.

මේ අතර තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරන්නේ විජේදාස රාජපෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ රාත‍්‍රියේ ලබා දී ඇති බවයි. පාර්ලිමේන්තුවේදී අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ධුරයෙන් ඉවත්වනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

132 views
Main News