විජේදාස ගැන එජාපයේ තීන්දුව අද.. එලවන්න ක්රමයක් නෑ.. අස් නොවුනොත් මොහාන් පීරිස් ක්රමය පමණයි..
August 21, 2017 at 8:40 am | lanka C news
විජේදාස රාජපක්ෂ අධිකරණ හා බුද්ධශාසන ඇමති සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂය අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතය.
ඇමතිවරයා සම්බන්දයෙන් පත්ව ඇති ගැටළුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කල කමිටුවේ වාර්තාව අද දිනයේ පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දීමට නියමිත අතර අද පස්වරුවේ එජාපයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අරලියගහ මන්දිරයට කැදවා ඇත.
විජේදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්රතික්ෂෙප කර ඇති අතර ජනාධිපතිවරයාද ඔහුව ධුරයෙන් ඉවත් කිරීම ගැන කැමැත්තක් මේ දක්වා පල කර නැත.
සරල බහුතරය හෝ ලැබෙනු ඇතැයි විශ්ාවස නැතිකමින් එජාපය විසින් ගෙන එන බව කියූ විශ්වාස භංගයද අත්හැර දමා ඇත.