විජේදාස නිල වාහන බාර දී බඩුමුට්ටු අකුලාගෙන අමාත්‍යංශයෙන් පිටවෙයි.. අලූත් දේශපාලන ගමන ගැන ප‍්‍රකාශයක් සූදානම්..

August 23, 2017 at 2:10 pm | lanka C news
විජේදාස නිල වාහන බාර දී බඩුමුට්ටු අකුලාගෙන අමාත්‍යංශයෙන් පිටවෙයි.. අලූත් දේශපාලන ගමන ගැන ප‍්‍රකාශයක් සූදානම්..

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයෙන් පහ කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය මේ වන විට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටී.

විජේදාස රාජපක්‍ෂ මහතාද සිය නිල වාහන අමාත්‍යංශය වෙත මේ වන විටත් බාර දී ඇත.

බුද්ධ ශාසන ඇමති ධුරය පමණක් තබා ප‍්‍රධානීන් විසින් කර ඇති ඉල්ලීමද ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

පවතින තත්වය හා තම ඉදිරි දේශපාලන ස්තාවරයන් සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ඉක්මනින්ම කරනු ඇතැයිද සදහන්ය.

82 views

29 Comments to “විජේදාස නිල වාහන බාර දී බඩුමුට්ටු අකුලාගෙන අමාත්‍යංශයෙන් පිටවෙයි.. අලූත් දේශපාලන ගමන ගැන ප‍්‍රකාශයක් සූදානම්..”

  1. Naagha says:

    Justice Minister was fired as he was talking for justice.

  2. Naagha says:

    Justice Minister was fired as he was for justice.

  3. සාලිය says:

    කොන්දක් තියෙන බව සැකයි. මොකටද ඉල්ලා අස්වෙන්නේ?

  4. David Milli-Banda says:

    If the pro UNP Cabinet kicked him out of his Ministerial portfolio, then why did not Mr. Wijedasa renounce the UNP membership and take an opposition seat as an Independent?

  5. ලක්ෂ්මන් මොරලන්ද says:

    ඇමරිකාවේ බකිංහැම් මාලිගාවක් නොමැති බවක් හෝ රත්තරන් අශ්වයන් මේ තාක් කල් මෙලොවේ බිහිවී නොමැති බවක් නොදැන, රාජපක්ෂ ජනාධිපති වරයාගේ පුතුන් තිදෙනාගේ පරිහරනය සඳහා ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේ සිට රත්තරන් අශ්වයන් කිහිප දෙනෙක් ගෙනැවිත් නුවරඑලියේ රඳවාගන ඇතැයි යන චේතිය බොරුව  හිස් මුදුනින් පිලිගෙන 30 වසරක ත්‍රස්තවාදී ශාපයෙන් මව්බිම නිදහස් කරගැනීමට ජීවිත අවධානමද නොතකා කටයුතු කල රාජපක්ෂ රජය පලවා හැරීමට තරම් දුෂ්ඨ, අකෘතඥ මිනිසුන් 62 ලක්ෂයක් සිටින මේරටේ විජේදාස රාජපක්ෂ වැනි තවත්දේශප්‍රේමියෙක් පලවා හැරීම අරුමයක්ද?

Main News