විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි.. දැන් ඇති එකම ක‍්‍රමය මොහාන් පීරිස් ඉවත් කල ක‍්‍රමය පමණයි..

August 18, 2017 at 3:50 pm | lanka C news
විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි.. දැන් ඇති එකම ක‍්‍රමය මොහාන් පීරිස් ඉවත් කල ක‍්‍රමය පමණයි..

අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පල කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂව සියළුම නිකායන්හි නාහිමිවවරුන්ගේ ප‍්‍රකාශයන්ද ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වෙයි.

ඇමති විජේදාස ඉල්ලා අස්වීමද ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ඔහු ධඅරයෙන් ඉවත් කිරීමට ඉතිරිව ඇති එකම නෛතික ක‍්‍රියාවලිය වන්නේ විශ්වාස භංගයක් ගෙනඒම වුවද එවැන්නක් කිසිසේතම නොවනු ඇති බව එජාප ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව ඉතිරිව ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කල ක‍්‍රමයයි.

අගවිනිසුරුවරයෙක් ධුරයෙන් ඉවත් කිරීම සදහා ඇති එකම නෛතික ක‍්‍රමවේදය වන දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අතර මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්වූයේද නැත.

35 views

9 Comments to “විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි.. දැන් ඇති එකම ක‍්‍රමය මොහාන් පීරිස් ඉවත් කල ක‍්‍රමය පමණයි..”

  1. ExUNPer says:

    ජනාධිපතිතුමා වැරෙන් පහරක් එල්ල කලා !
    පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියා.
    ලකුණු 4යි !!!!!!!!!!
    අනේ සර් තව හයක් ගහන්න !
    පිටිය වර්ණවත් කර ‘විදේශ බල වේග’ පිල පරදවා ‘මෑන් ඔෆ් ද මැච්’ වේ යයි සිතමු,!

    • sam says:

      How about the way Mahinda Rajapaksha removed Shirani Banadaranayake and Sarath Fonseka

      • gamarala says:

        Mrs Shirani Bandaranaike was removed by a parliamentary 2/3 majority vote. It wasn’t like how Mr Mohan Peiris was removed which was totally unconstitutional . By the law of the country he is still the chief justice. FYI Sarath Fonseka wasn’t removed from any post.

  2. ExUNPer says:

    ජනාධිපතිතුමා වැරෙන් පහරක් එල්ල කලා !
    පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියා.
    ලකුණු 4යි !!!!!!!!!!
    අනේ සර් තව හයක් ගහන්න !
    පිටිය වර්ණවත් කර ‘විදේශ බල වේග’ පිල පරදවා ‘මෑන් ඔෆ් ද මැච්’ වේ යයි සිතමු !

  3. Pachaya says:

    Already unp using parliament jokers tactics

  4. sasi says:

    Hon. Wijedasa is a true gentleman, who loves his country, its assets and seems to have high intelligence.!!!

  5. Upul says:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බව සිංහලයන් තේරුම් ගන්නේ නැත.
    සිංහලයින් වෙනුවෙන් කිඹුල් කදුළු හලන අයට පකෂව ජෝන් ඩොයිලි ලා නිර්මාණය කිරීමට කලු සුද්දෝ එදා මෙන්ම අදත් හපනුන් ය.
    2015 මොහාන් පීරිස් ඉවත් කළේ අධිකරණයේ සහ නිතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවක් ලබා දී සිංහලයා රැවටීම කලු සුද්දන්ගේ සැළැස්මට අනවය.
    අධිකරණය තීරණාත්මක අවස්ථාවේ නීතියට අනුව නොව කලු සුද්දන්ගේ කැමැත්තට අනුව තීන්දු දෙනබවට සාක්ෂිය 13 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් කළ තීන්දුවය.
    ලංකාව සිංහලයන් ගේ රට නෙමෙයි කියපු විජේදාසව සිංහලයන් රවටන ඇමට යොදාගැනීම ගැන පුදුම විය යුතු නැත.
    සිංහලයන් එදත් මෝඩයෝ ය…අදත් මෝඩයෝ ය.

  6. Karu says:

    ආන් මයිත්‍රීපාලට තමන් දැන් ග්‍රාමසේවකට එහා කෙනෙක් වග තේරිලා.

  7. සෙනෙවි says:

    මේයෙ කියන මේ විදේශ බලවේග මොනවද ? තලියේ කිඹුල්ලු දකින මොඩයෝ තමන්ගෙ බලය රැක ගන්න ජාතිය ඉස්සරහට දානව මහින්දගේ මල්ලිල මොකර ඔය කි්‍යන විදේශ බලවේග උපත වන ඇමරිකාවේ පුරවැසියො උනේ ? ලොක්කො තමන්ගෙ බලය රැකගන්න කියන මෝඩ වචන ගෝලයො තේරුමක් නැතිව මතුරනව. විදෙස් රටවල් නැතිව අපට ඉන්න පුළුවන්ද ? එහෙම ඉන්න තිබුන අපේ රට ප්‍රබල නම්. එහෙම වෙන් නුදුන්න දේශපාළුවො මේ රට ආයෙමත් ගෝත්‍රික වනචාරි පැත්තට ඇදගෙන යන්නයි මේ හදන්නෙ