විජේදාස නෙරපන්න ජනාධිපති බෑ කියයි.. එජාපයේ මුක පූට්ටුයි..

August 21, 2017 at 10:00 am | lanka C news
විජේදාස නෙරපන්න ජනාධිපති බෑ කියයි.. එජාපයේ මුක පූට්ටුයි..

විජේදාස රාජපක්‍ෂ මහතාගේ කැමැත්කින් තොරව ඔහුගේ ඇමති ධුරයෙ වෙනස් කිරීම සිදු නොකල යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ අදාල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකදීය.

යහපාලන ආණ්ඩුව බිහිකිරීමට ඇප කැපවී කටයුතු කල විජේදාස රාජපක්‍ෂ මහතාගේ එකගතාවයකින් තොරව ඔහුගේ ඇමති ධුරය වෙනස් කිරීමට තමන් එකග නැතැයිද ජනාධිපතිරයා එහිදී පෙන්වා දී ඇත.

37 views