විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්..

August 20, 2017 at 12:00 pm | lanka C news
විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්..

මෙහෙම ගියොත් විජේදාස රාජපක්ෂ මහතා නවතින්නේ අගමැති පුටුවෙත් වාඩිවෙලා බව තමා විශ්වාසයෙන් පවසන බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ල දිසත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේද පැවසීය.

අපි විශ්වාසයෙන් කියනවා ශ්‍රීලනිපයේ අපි 50 ක් ඉන්නවා. අපි 50 ම අත් දෙකම උස්සලා අපි විජේදාසව රැක ගන්නවා. ඔඵව තියන , වැඩ පුළුවන්, දැක්මක් ඇති, අනාගතයට වැඩදායී නායකයෙක් වන විජේදාස රාජපක්ෂ මහත්මයා මේ විදියට සවුත්තු කරන්න දෙන්න බෑ. පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා කලබල වුන ලා බාල අලි රංවුව කරන්න හදන මේ වැඩේ තුනෙන් දෙකක ඡන්දෙන් අපි පරද්දනවා කියන එක විශ්වාසයෙන් කියනවා. ඒ වගේම ඉදිරි දෙමස තුළ තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයෙකු පත් කර අලුත් ආණ්ඩවක් හදනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටබන්දේසියක තියලා බාර දුන්නා. ඒ භාර දීලා නිකන් හිටියේ නෑ 2015 අගෝස්තු 17 කුරුණෑගලින් ඡන්දේ ඉල්ලුවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකොලහක් අපේ හිටියා. ඒක දාහතරක් කරන්න තමයි අපි ඉල්ලුවේ. ඒක බැස්ස අටට. ඉතින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කියනවා ඔබතුමා අයේ තරඟ කරන්නේ නෑ. තරඟ කරන්න බෑ.

මෛත්‍රීසිරිසේන ජනාධිපති තුමත් එක්ක අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුලත ඒකාබද්ධ විපක්ෂයේ අගමැති වරයෙක් පත් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න කටයුතු කරන්න කියලා.

2020 වෙනකන් ඉන්න උවමනා නෑ. තනිපක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒකාබද්ධ විපක්ෂය එක්ක ඒකරාශීවෙලා ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති කෙනෙක් පත්කරන්න අපි කටයුතු කරනවා.

කිසියම අයෙකුට චෝදනාවක් තියෙනවා නම් චෝදනාව විභාග වෙන්න ඕනේ. සී.අයි. ඩී. එකට එෆ්.සී.අයි ඩී එකට පැමිණිල්ලක් ගියාම ඒවා විභාග කරනවා. ඒ ඒ ආයතන වලට ලැබෙන පැමිණිලි මත ඒ ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ පවුල උසාවි දාලා හිර කරන්න උත්සාහකරනවා නම් අපි ඒකට විරුද්ධයි.

– සුනෙත් ගාල්ලගේ

242 views

21 Comments to “විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්..”

  1. sayumi says:

    රට නම් වනසක් ඉල්ලන බව ඇත්ත රට ඉල්ලන්නේ රාජපක්ෂ කෙනෙක් බවත් ඇත්ත. එත් ඒ රාජපක්ෂට රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඔයාට නම් කරන්න බෑ හීනෙකින්වත්. ඒ නිසා දෙයියන්ගේ නාමෙට ආයිත් වතාවක් මිනිසුන් ගොනාට අන්දන්නේ නැතුව ඉන්න .

    • siraa says:

      Hitapu raajapaksha la hari dee kalaa nam ratata mehema wenne nee… Rajapaksha yudden passe hambayata nikan dunna.

      • කිඹුලා says:

        ආ එහෙනම් උඹලා ජඩයින්ට චන්දෙ දීල දැන් හම්බයින් එලවගන්න ඇතිනේ ? ඒක නේ දැන් විල්පත්තුව හොඳට රැකිලා තියෙන්නේ, තව තව ගෙවල් හැදෙන්නේ. එච්චරද ඇයි උඹලට සතොසෙන්ම කුඩුත් ගෙනත් බෙදන්නේ. තව එක්කෙනෙක් දැන් ඔය ආයුධත් බෙදුවයි කියන්නේ. දැන් තොපිට සැප ඇතිනේ.
        මේ මුස්පේන්තු කම්බා හොරුන්ට අගේට තිබුන රට බාරදීලා,
        තමන්ගේ පව් වහගන්න මහින්ද මැතිඳුන්ට බනින උඹලා වගේ අම්බරුවන්ට තව උනා මදි. බලා හිටුකෝ ඉස්සරහට සිද්ද වෙන දේ.

    • Power says:

      මේ රටේ මිනිස්සු 2015 දී අන්දවපු ඇන්දවිල්ලටම ආය අන්දන්න පුළුවන් කියලද දන්නෙ නෑ මුන්නැහැ හිතාගෙන ඉන්නෙ. යහපාලනයේ ගිලුණු රට නැවත ගොඩගෙන නිවැරදි මාවතට දැමිය හැක්කෙ රාජපක්ෂවරයෙකුටම පමණි.හැබැයි ඒ රාජපක්ෂ මැදමුලන රාජපක්ෂ කෙනෙකු විය යුතුමය.

  2. Aceman says:

    Wijedasa comes in, goes to elections, divides up the votes that might have gone to Mahinda’s team representative. Mahinda’s guy does not get through. Neither does Wijedasa.

    Ranil smiles his choirboy smile, and stays exactly where he is.

    Case closed, for the voters, back to the normal pile of mud we are used to…

  3. Sarath says:

    රාජපක්ෂ මහතා අධිකරන ඇමති තනතුරෙන් අස්වුනොත් ෆොනීගෙ කල්ල මරේ.
    උපයාගත් ආකාරය ඔප්පු කිරීමට නොහැකි කමෙන් රාජපක්ෂ මහතා විසින් දැනට
    තාවකාලිකව අධිකරන බාරයට ගෙන ඇති රුපියල් මිලියන 880
    ක කලු සල්ලි වහාම ආපහු ලබා ගැනීමට ෆොනීට හැකි වෙනවා.

  4. samarasinghe says:

    wijedasa cannot understand what J.R .said

  5. බබා උක්කුන් says:

    අනුකම්පා කරන්න. මූත් අර ගැමුණු විජේරත්නගේ ජාතියේ බස් කාරයෙක් නේ.ගැමුණුගේ මොලේට සමාන මොලයක් තමයි මූටත් තියෙන්නේ.කඳ විතරයි. හොදටම දන්නවා ලබන පාර නෝ චාන්ස් කියල.ඔය හිනිදුම,උඩුගම පැත්තේ ඒ තරම් මී හරක් ඉන්නවා කියල අපි විශ්වාස කරන්නේ නැහැ.

  6. Samson says:

    Nishantha pissa Mahinda mahathayage pihiten parliment awilla Mahinda mahathayatama garahanawa mu mokek da ilaga chanden gedara Harinam Maithree ta S L F P aka thahanam karanna oni ayane party aka kadagena giye

Main News