විජේදාස රාජපක්ෂ පන්නනු… එජාප මැති ඇමති පරිසක් ජනපතිට-අගමැතිට දන්වයි.. නැතොත් කැරැල්ලක්..
August 1, 2017 at 3:00 pm | lanka C news
විජේදාස රාජපක්ෂ මහතා දරන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස එජාපයේ ප්‍රබල නියෝජ්‍ය ඇමතිවරයෙකු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීමට ඉක්මන් පියවරක් නොගතහොත් එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවද මේ වන විටත් දන්වා තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති දූෂණ වංචා ලිපිගොනු සම්බන්දයෙන් දිගු කාලයක් ක්‍රියාමාර්ග නොගැනීම විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට ප්‍රධාන හේතුවක් යයිද වාර්තා වෙයි.