විජේවීරටත් පයින් ගහයි..

December 16, 2016 at 6:48 pm | lanka C news
විජේවීරටත් පයින් ගහයි..

වත්වන් ජවිපෙ නායකත්වය ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ ස්ථාවරයට පවා පයින් ගසා ඇති බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

මැතිවරණ කල්දමමින් ස්වාධීන මැතිවරණ කොමිසම බෝඞ් ලෑල්ලක් වෙලා තිබියදීත් රටේ ජනතාවගේ අවාසනාවට රතු අලිපැටවු අද කියනවා ‘අලුත් ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වුවොත් අපි තරඟ කරන්නේ නැහැ‘ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ යන සහෝදරවරුන්ගේ නායකත්වයන් යටතේ එහි නිල ස්ථාවරය වූයේ ‘ධනපති ආණ්ඩු කවර මැතිවරණයක් වුව ගෙන එන්නේ ජනතා විමුක්ති පෙරමුණට වාසිදායක ලෙස නොවෙයි. ඒ නිසා ඒ කවර හෝ මැතිවරණයකට ඉදිරිපත්ව, ලබන ජයග්‍රහණ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදා ගත යුතුයි‘ යන්නයි. අද අනුර දිසානායකගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ඒ නිල ස්ථාවරයට පයින් ගසා ඇති බවයි පෙනෙන්නේ. අද ජවිපෙ ‘අපට ඕනෙ විදියට මැතිවරණ පැවැත්වුවේ නැත්තම් අපි තරඟ වදින්නේ නැහැ’ කියන තැනට පල්ලම් බැහැලා තිබෙනවා’

– අනුරුද්ද බණ්ඩාර

10,932 Viewers

4 Comments to “විජේවීරටත් පයින් ගහයි..”

  1. රජරට එකා says:

    සිංහල ජාතිය ,බුද්දාගම, රට විනාස කරන උන් ගෙන් ,මේ රට බේරාගැනීම සදහා කලයුතු මහා බලගතු

    පුජාවන් 11 න්

    3 වන පුජාව දෙවුන්දර දී ද

    4 වන පුජාව කතරගම කිරිවෙහෙර ලගදීද

    5වන පුජාව රත්නපුර සමන් දෙවලයේද කරන ලදී

    Reply

    • CAT says:

      @ රජරට එකා
      පුජාවල් කිරීමට පෙර යහපාලනේ පාර්ලිමේන්තුව මහජනතාව එක්වී නෙරපා දැමිය යුතුයි
      නොපෙනෙන දෙවියන් යැදීමෙන් කුමන පලයක්ද ? මේ සිංහල බෞද්ධ මාතෘ භුමිය ආරක්ෂාකිරීමට කටයුතු කළ යුත්තේ සිංහලයාමයි
      රට ජාතිය බෞද්ධාගම රැකිම දෙවියන්ගේ වගකීම නොවේ …..මේ රටේ මහා ජාතියේ වගකීමයි ..සිංහලයෙනි රටජාතිය රැකීමට පෙරට වරෙව්

  2. SAPU says:

    රතුඅලි පෙරමුණේ නිල තේමා ගීතය –
    ඩොලර් දෙනව නම්, අපට පවුම් දෙනව නම්..
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ..
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ..
    විජේවීර වලපල්ලට ගියාවේ
    සමජවාදෙට කලවි ගියාවේ
    බෙන්ස් කාර් ඩොලර් පවුම් දෙනවානම්
    සිරිකොතේ වැසිකිලි වල වල් අපි අදින්නම්
    බටලන්දේ වාදකයා කියන ඕන දෙයක් කරන්නම්
    රට ජාතිය උනත් උගස් කරන්නම්
    අපේ අතට ඩොලර් මිටිය වැටෙනව නම්.
    උතුරේ දෙමළ බෙදුම්වාදයට සපෝට් එක දෙන්නම්
    සිරාගේ දෙමළ බෙදුම්වාදී සංහිදියාව අග යන්නම්
    ලොක්කෝ කියන ඕන දෙයක් කරඥ්ඥම්..

  3. Siraa says:

    Hambayanta kadee yana ekaa… Hebeyi okkoma yanawa, Mahinda, Ranil, Siraa okkoma hambayanta karanne

Main News