විද්වතුන්ද පුටුව එපා කියයි.. පොහොට්ටුවම ඉල්ලයි..

December 16, 2019 at 6:48 pm | lanka C news
විද්වතුන්ද පුටුව එපා කියයි.. පොහොට්ටුවම ඉල්ලයි..

ඉදිරි මහා මැතිවරණයේ දි පොහොට්ටුව ලකුණ කිසිලෙසකින්වත් වෙනස් නොකරන ලෙස පොදුජන සංසදය කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලයි.

පොදුජන විද්වත් සංසදයේ නියෝජිත පිරිසක් උඩුගම්පල දී ඇමතිවරයා හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම කළහ.

පොහොට්ටුව ලකුණ ජනප්‍රියම වාසනාවන්තම ලකුණ බවත් ඉදිරි මහ මැතිවරණයේ දී අනිවාර්යෙන්ම තරග කළ යුත්තේ පොහොට්ටුවෙන් පමණක් බවත් මෙම විද්වතුන් ඇමතිවරයාට පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡාවන් දැනටමත් ආරම්භ වී ඇතැයි මෙහි දී පෙන්වා දුන් රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු දෙනාගේ අපේක්ෂාව ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කිරීම බව කීවේය.

විද්වතුන් රාජ්‍ය පාලනයට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව පැවසු රණතුංග මහතා වියත්මග, එළිය වැඩසටහන් හරහා විද්වතුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සක්‍රීය ලෙස සම්බන්ධ කර ගැනීමට හැකි වූ බව කීවේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුසංයෝගය තුළින් රට දියුණු කිරීමට හැකි බව පෙන්වා දුන් රණතුංග මහතා ඒ සදහා එක්වන්නැ‘යි විද්වතුන්ගෙන් ද ඉල්ලා සිටින බව කීවේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

37,143 Viewers

16 Comments to “විද්වතුන්ද පුටුව එපා කියයි.. පොහොට්ටුවම ඉල්ලයි..”

  1. මහජනයා says:

    අඩෙ ප්‍රසන්න ඉතින් ඕක ගිහිං කියන්න බැසිල්ටයි මහින්දටයි. මොකද පොහොට්ටු ලෙකම් සාගර කාරියවසම් පුටුවෙන් ඉල්ලන්න ගිවිසුම ගැහුවෙ එයාලගේ අවසර ඇතුවනෙ. දැන් ඔයා කියන්නේ එයාලා ඔයාලට කොලෙ වැහුව කියලද ?

    • මහජනයා says:

      ගොටභ්යට නොමිනේෂන් ලිස්ට් ඒක හදන්න දුන්නොත්, 3/2 පොහොට්ටුවෙන් ගත හැක. ඇමතිවරු පත් කරා වගේ හොරුන්ට නොමිනේෂන් දුන්නොත් චන්දෙන් පස්සේ ඒක එකා පස්සේ වඳින්න වෙනවා 2/3 හදා ගන්න.

    • sara says:

      e unata pohottuwen yana eka hodai mokada sri lanka karayo satha pahakata wiswasa karanna baha, dan kohomath un thaniyen illuwoth asana 5k ganna ekath amarui, habai ekathuwela awama eka wadi kara ganna puluwan ita passe unta one one dewal karanna gani, man kiwwe wipakshe gihin wadi wenawa wage dewal

  2. කමල් says:

    පොහොට්ටුවෙන් ඉල්ලමු කියන්නේ බැසිල්ගේ කන්ඩායමෙ ප්‍රසන්න රණතුංග. බැසිල්ගේ උවමනාව තමයි ඔය ප්‍රසන්නගේ කටින් පිටවෙන්නේ. පුටුව ඕනෑ කියන්නේ ගොඨාභය පිලෙ ප්‍රබලයන් වන උදය විමල් වගෙ අය. ඒ ගොඨාභයගෙ කැමැත්ත. මොකද බැසිල් කරනය වෙච්ච පොහොට්ටුවෙ සිරකරුවෙක් වෙන්න ගොඨාභය කැමති නැහැ. ඔහු මෙවෙන තෙක් පොහොට්ටුවෙ කිසිදු තනතුරක් නොගන්නේත් එකයි.

    • වියත්හු says:

      ඒ කතාව සහතික ඇත්ත. පොහොට්ටුව මුලින් පුටුවෙන් ඉල්ලන්න අත්සන් කරනවා. ඊට පස්සේ පුටුව එපා පොහොට්ටුව ඕනෑ කියලා වලියක් අදිනවා. පුටුවෙන් ඉල්ලන්න හදපු සුළු පක්ෂ ටික පොහොට්ටුවෙන් අයින් වෙනවා. පොහොට්ටුව හෙවත් බැසිල් පිල තනියම පොහොට්ටුවෙන් ඉල්ලනවා. ඡන්දය දිනා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් පිලෙ සිරකරුවෙක් කරගන්නවා.

  3. නිළමේ says:

    ” පොහොට්ටුව “පොහොට්ටුව” ” පොහොට්ටුව “පොහොට්ටුව”

    මේ තරම් කෙටි කලකින් මේ තරම් විශාල ජයග්‍රහණයක් තනිවම ලබාදෙන සිංහල ඡන්ද තියෙද්දී මොන පුටු ද මෝඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයිනේ.?

    • කමල් says:

      අපි චන්දය දුන්නේ ගෝඨාභයට මිසක් පොහොට්ටුවට නෙමෙයි. මොකද පොහොට්ටුවෙන් සජිත් ඉල්ලුවනම් අනෙ පොහොට්ටුව කියල අපි චන්දය දෙනවද? නෑනෙ.

      • Rasika says:

        Sahathika eththa, Me gon heththa hithaagena inne api chande dunne pohottuwa lakunata kiyala. Me mandabudhdhikayo kiyana dewal kaloth 2015 wechcha dema thamai aapahu wenne

      • කසුන් says:

        ඒ මගුලක් නෙවෙයි බං මාත් කියන්නේ, බැසිල් ගෙන පොහොට්ටුව, විමල්ගේ පොහොට්ටුව නිසා නොවේ සංකේතාත්මක ව ඉතාමත්ම වැදගත්
        ලකුණක් ” පොහොට්ටුව ” කියන්නේ.

      • කසුන් says:

        ඒ මගුලක් නෙවෙයි බං මාත් කියන්නේ, බැසිල්ගෙ පොහොට්ටුව, විමල්ගේ පොහොට්ටුව නිසාවත් නොවේ සංකේතාත්මක ව ඉතාමත්ම වැදගත්
        ලකුණක් ” පොහොට්ටුව ” කියන්නේ.

  4. Asoka Liyanage says:

    ගෝඨාභය මහතාට රට නියම ලෙස කිරීමට නම් ඝරසර්පයා හිටං සිරිසේන අයින් කළ යුතුම වෙනවා. නැතිනම් ඒ වසලයා පිටුසස සිට පිහියෙන් අනිනවා ඒකාන්තයි. හිටන් කරන වසල වැඩ දෙවැනි වන්නේ සරත් ෆොන්සේකාට පමණි. මිලේනියම් ගිවිසුම් අනුමත කර ගැනීම වෙනුවෙන් කොටි 800 ගෙය අල්ලස් ලෙස ගත හිටං ගෙන් රටට කුමන සෙතක් වෙයිද? ඇමති කමේ ඉන්නකොට මහින්ද වැඩ කරන්න දුන්නේ නැහැ කියුවා. ජනධිපති වෙලා සිටින විට රනිල් වැඩ කරන්න දුන්නේ නැහැ කියුවා. ආයෙත් එන්න හදන්නේ කුණුහරප කවි කියන්නද? කැවුම් බදින්නද? රබන් ගහන්නද? විජේකලාට අධ්‍යාපනය බාර දෙන්නද ? සංහිදියාව කියමින් කෝටි ගණන් මුදල් නාස්ති කරමින් සිංහළයා රටෙන් පහලම තලයට බස්සන්නද. ? මිනිස්සු හිටං සහ රිලසිරිට රැවටුණු කාලේ ඉවරයි. UNP කාරයෝ විතරයි කෙහෙල් මල් පුටුවක් අල්ලන් දගලන්නේ. රටේ දියුණුවක් ඔබට අවශ්‍ය නම් එය බොහෝ දුරට ඉටුකර ගත හැක්කේ පොහොට්ටුව තුලින් පමණි.

  5. ජයන්ත says:

    බැසිල්ගේ පොහොට්ටුවද සිරිසේනගේ අතද නොවන විද්වත් රටට ආදරය කරන පිරිසක් සහිත නැවුම් සන්ධානයක් ගැන ගොඨාභය සිතිය යුතුය. නැතිනම් මෙම දෙපිරිසම ඔහුගේ කකුලෙන් අදිනු ඇත.

  6. ගල්මංගොඩ says:

    මට පුදුම නොවටින ලකුණු අයින් කරන්න හදන පොහොට්ටුව ම ඉල්ලන මේ අය දූෂිත මන්ත්රීවරු පොහොට්ටුවෙන් ඉවත් කරන්න කතා කරන්නෙ නැත්තෙ ඇයි.

    මොන ලකුණෙන් ආවත් ජනතාව ඉල්ලන්නෙ දැක්මක් ඇති වැඩකරන පාර්ලිමෙන්තුවක්

  7. බන්ඩා says:

    ජනාධිපතිවරණය දිනුවෙ විද්රිවත්ලතු නෙවෙය් ගෝඨාභය ය්. ශ්‍රිලනිප කියන්නෙ සිරිසේන නෙවෙය්. ප්‍රකෝටි ගනනක මාලිගාවක් කොටා ගත් පැන්ෂන් ගිය ජන’අ’ප්‍රිය සිරිසේන තව ටික දිනකින් ශ්‍රිලනිපයෙන් හැලේවි. කැපුවත් කොල යූඑන්පී කාරයො වගේ සදා ශ්‍රිලංකා කාරයොත් ඉන්න බව බැසිල් සහ පොහොට්ටුව අමතක නොකල යුතුය්. මොකද ඒ අයගේ චන්දත් ගෝඨා ගෙ ගමන යන්න අවශ්‍ය 2/3 ලබා ගන්න අවශ්‍ය යය්.

  8. samanmala says:

    People Don’t like this cabinet and assuming state ministers. Hope Mr president will correct this after parliamentary election.

  9. නිමල් says:

    සිරිසෙන ගේ පුටුව කොයිවෙලේ සජියා ගේ පුටුව වේවිද ද්න්නැහැ. පරිස්සමෙන් පුටු සෙල්ලම

Main News