විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මැයි 01 දා පත් කරනවා..- ජනපති

April 28, 2018 at 8:40 am | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මැයි 01 දා පත් කරනවා..- ජනපති

ඇමති මණ්ඩල සංශෝධනය මැයි පළවනදා සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ශ්‍රී වලගම්බා විහාරස්ථානයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙවර කැබිනට් මණ්ඩලය සදහා විෂයන් බෙදන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව යයිද මීට පෙර රජයේ පාර්ශවයෙන් අදහස් පල ව ඇත.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ තව දුරටත් සිටින්නේ නැදන්න යන්න ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුවක් ගන්නා බව කියන්නේ මැයි 08-15 අතර කාලයේදීය.

එමෙන්ම එජාප-ශ‍්‍රීලනිප ජාතික ආන්ඩුව ගිවිසුම අවසන් වී දැනට මාස හයකට වඩා ඉක්ම ගොස් ඇත්තේ නව ගිවිසුමක් ගැන කිසිදු තීන්දුවකින් තොරවයි.

81 views