විද්‍යාව එන්නතයි.. මිත්‍යාව පැණියයි.. පැණි පසුපස නොයා ජනගහනයෙන් 70%ක් එන්නත් කල යුතුයි..- අනිල් ජාසිංහ

January 2, 2021 at 12:06 am | lanka C news
විද්‍යාව එන්නතයි.. මිත්‍යාව පැණියයි.. පැණි පසුපස නොයා ජනගහනයෙන් 70%ක් එන්නත් කල යුතුයි..- අනිල් ජාසිංහ

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට නම් විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බවයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වර්තමානයේ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මිත්‍යා විශ්වාස පසුපස යාම සිදු කළේ යුතු නැති බවත් ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාස පසුපස හඹා යන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්ය.

වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා කියා සිටියි.

ජනතාව තුල ප‍්‍රතිශක්තිකරණය ප‍්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට නම් ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතුය ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේ 2021 වසර සඳහා තම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමිනි.

27,496 views

40 Comments to “විද්‍යාව එන්නතයි.. මිත්‍යාව පැණියයි.. පැණි පසුපස නොයා ජනගහනයෙන් 70%ක් එන්නත් කල යුතුයි..- අනිල් ජාසිංහ”

  1. Love nature says:

    බෞද්ධ පරයේෂන ක්‍රම

    බුදු දහමේ ඉගැන්වෙන පරයෙක්ෂණ ක්‍රම විද්‍යාවේ ඉගැන්වෙන පරයෙක්ෂණ ක්‍රම වලටත් වඩා විද්‍යාත්මක ආරක් ගත් එකකි. බෞද්ධ පරීක්ෂණ ක්‍රම වේදය පිලිබදව සුත්‍ර පිටකයට අයත් අරිය පරියේෂන , චුල්ලහත්ති පදෝපම , විමංසක හා කලාම සුත්‍ර දර්ම වල සදහන්ව ඇත .කලාම සුත්‍රය යනු ලොව කිසිදු ආගමික දර්ශනයක අඩංගු නොවන පුද්ගල නිදහස හා ප්‍රජතාන්තරවදයට මාර්ගය පහදා දුන් වැදගත් දේශනාවකි.මෙම දේශනාව තුලින් සමාජයේ ජීවත් වෙන කුමන තරාතිරමක කුමන ආගමක කුමන කුලයක සිටින අයෙකුට උවද නිවැරදි මාර්ගය අවබෝද කරලීමට අවශ්‍ය විද්‍යාත්මක ක්‍රම වේදය පැහදිලි කරන්නකි .මේ සුත්‍රය දේශනා කරන ලද්දේ පෙර කල කලාම නම් නියම් ගමට බුදු රජුන් වැඩම කල අවස්ථාවක කලාම වැසියන් තුල වූ ගැටලුවවක් වුවේ විවිද වූ ආගමිකයන් හා දාර්ශනිකයන් කලාම ගමට පැමිණ ඔවුන් විසින් තම තමන්ගේ ධර්මය නිවැරදියි ප්‍රකාශ කරන ලද අතර අනෙක් සියල්ල මුසාවන් බව පවසන ලද නිසා ගම් වැසියන්ට කුමක්ද නිවැරදි දර්ශනය යන්න තෝරා බේරා ගැනීමට නොහැකි විය එම නිසා කලාම වැසියන් බුදු රජුන් වෙත මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන ලදී . ලොව ප්‍රථම වතාවට විද්‍යත්මක ක්‍රම වේදයක් මගින් ගැටලුවකට පිළිතුරක් සොයන මග හෙළි කල මෙම විද්‍යාත්මක දේශනාවේ කරුණු පහතවේ.
    1 මා අනුස්සවෙන ( පෙර අසා ඇති දේ අනුව එනම් ජනකතා , ඉතිහාසය මගින් දැන ඇති කරුණු මත )
    2 මා පරම්පරයා ( පරම්පරාගත සම්ප්‍රධායට අනුව )
    3 මා ඉතිකිරාය ( මෙය මෙසේ යයි කීමට අනුව )
    4 මා පිටක සම්පදනෙන ( පොත පතෙහි තිබෙන නිසා )
    5 මා තක්ක හේතු ( තර්කයට ගැලපෙන නිසා )
    6 මා නය හේතු ( නියට ගැලපෙන නිසා )
    7 මා අකාර පරවිතක්කෙන ( විචාරයට ලක් වෙන නිසා )
    8 මා දිට්ටි නිජ්ජනක්කන්තිය ( තම දුෂ්ටියට අදාලවන නිසා )
    9 මා බබරුපාතය ( කෙනෙකුගේ දක්ෂතාව නිසා )
    10 මා සමණෝ ගරුහි ( තම ගුරුවරයා දෙමාපියෝ පවසන නිසා )
    ආදී වූ කරුණු මත කිසිදු නිගමනයකට එලබීම සුදුසු නොවන බව පෙන්වා දේ.තමා විසින්ම සොයා බලා සත්‍ය අවබෝදය යහපත් බව පේන්වා දේ .
    මෙම කරුණු නිවැරදි ලෙස අනුගමනය තුලින් දකින අසන දෙයට ඔබ්බෙන් පවතින සැබෑම විද්‍යාත්මක සත්‍ය කුමක්ද යන්න තෝරා ගැනීමට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දේ .ලොව බොහෝ විද්වතුන්ගේ අවදානය බුදු දහම කරෙහි යොමු වීමට ප්‍රදාන වශයෙන්ම හේතු වුවේ මෙම බුදු දහමේ පවතින විද්‍යාත්මක පදනමයි .බුදු දහම හා විද්‍යාවේ සමීප සම්බන්දතා දුටු ඇල්බරට් අයින්ස්ටයින් බුදු දහම හා විද්‍යාව එකම මුහුදක් කරා ගලා බසින ගංගා දෙකක් ලෙස හැදින්වුවේය . එමෙනම් සර් ආතර් සි ක්ලාක් මහතා විසින් ප්‍රකාශ කලේ 2050 වන විට සියලු දේව වාදී ආගම් බල රහිත වන බවය

  2. ක්‍රිමිනල් says:

    පෙර ,අපරදිග දැණුම් පද්ධතීන් පැවතගෙන එන්නේ අනාදිමත් කාලයක ඉදං ,ලංකාවට ආවේණික ස්වදේශී වෛද්‍ය විද්‍යාව ගැන කාටවත් ගැටළුවක් නැහැ , මෙතන ගැටලුව තියෙන්නේ යම්කිසි පිරිසක් විසින් හෙල වෙදකමට මිත්‍යාව බද්ද කොට ,අපේකමද එකතු කොට නොයෙක් පාර්‍යශවයන් එල්ල කරන චෝදනා , හෙලකමට එරෙහිව ප්‍රතිරෝධයක් එල්ල කිරීමක් ලෙස හුවා දක්වා කරන රංගනයක් .අපි පරාජය කල යුත්තේ මේ මිත්‍යාදෘශ්ඨිකත්වය මිසක් පුරාතනයේ සිට පැවත එන හෙලවෙදකම නොවේ , මෙම මිත්‍යාව සමාජගත කිරීම පිටුපස ඇති දේශපාලනය වන්නේ අන්ත දක්ෂිණාංශික ජනතාවාදී කදවුර බව කවුරුත් දන්නා කරුනක් , මොවුන් එදා , දියසේණ කුමාරයා , මණිඅක්ඛිත නාගරාජයා වැනි අන්ත මිත්‍යාදෘශ්ඨික ගනයේ රගපෑම් ඔවුන්ගේ දේශපාලන නියාය පත්‍රය මුදුන්පත් කරගන්න උපයෝගී කරගත්තා , ඔවුන්ගේ ප්‍රේක්ශක ගහනය මෙවන් කරුනු තම ජිවිතයට උකහාගන්නේ ,තමන්ගේ කොටසක් වගේ , එහා සමගාමිව මෑතකාලයේ මුට්ටී ,රතු නූල් සහ කාලී පැනීයද අර උක්ත ප්‍රජාව රමණය කරා ගෙන ගියා. නමුත් මිත්‍යාව අපේ රටේ කොටසක් වෙලා තියෙද්දී ,එයට ප්‍රතිරෝධයක් දැක්වීම හුදු සිංහල ජාතීකත්වයට එල්ල කරන මරු පහරක් ලෙස හුවා දක්වන්න මෙම ජුන්ටාව පැකිලෙන්නෑ , නමුත් මිත්‍යාවට එරෙහිව සටන මේ රටෙ සබුද්ධික ජන්තාව තිව්‍ර කලයුතු කාලයයි මේ. බටහිර හර පද්ධතීන් ,දැනුම් කෙන්ද්‍ර උපහාසයට ලක් කරමින් , දේශීයත්වයේ ආදීනව අලංකාර කොට පවසන මේ කල්ලියේ සැබැ අරමුණ දේශීයත්වයේ උන්ණතිය නොව හුදෙක් තමන්ගේ අන්ත දක්ශීණාංශික ජනතාවාදී කදවුරේ අක්මුල් සවීමත් කිරීමට පමනී.

  3. Love nature says:

    සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගෙත යුතුයි
    සිංහල නායකයන් නිතරම ආදර්ශමත් විය යුතුයි.

    අනගාරික ධර්මපාලතුමා.

  4. කාන්තාර පළඟැටියා says:

    පැනි කැමති අයට පැනි, එන්නත් කැමති අයට එන්නත්. ග්‍රාමසේවක මට්ටමින් සමීකරණයක් කරල පුරවැසියන් සියල්ල ලිස්ට් දෙකකට වෙන්කරල රජයේ වියදමින් තම තමන් කැමතිදේ ලබා දුන්නනම් මේ කවුරුත් එකිනෙකාට බෑගිරි ගාගන්න ඕන නැහැනෙ. අනවශ්‍යය පුවත් සහ දෝශාරෝපන.
    මේ ක්‍රමය කලොත් හරියටම දේශප්‍රේමියො කව්ද කියල හදුනගන්නත් පුලුවන්.
    එවගේම රටේ ප්‍රගමනයට බාධාවක් වන ගොන් වහන්සේලා ටික ස්වභාවිකවම රටින් තුරන් කරගන්න පුලුවන්.

  5. Love nature says:

    “පර සුද්දාට වැඳුම් පිදුම් කරන ගොන් තඩියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
    පර සුද්දාට භයේ කැලෑ වදින වල් අලියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
    පර සුද්දාට දාසකම් කරන ගොන් තඩියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
    පර සුද්දාගෙ මූත‍්‍රා බාල්දිය අදින වල් අලියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා”

    සිංහලයා දියුණු වීමට නම්, විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පරිභෝජනයෙන් වැළකිය යුතුයි.”

    අනගාරික තුමා.

  6. vijay says:

    Jasingheta saha vaccine vaccine genenna kiyana Sajithui, Champikalay athare thiyena common factor eka Pfizer commision eka venna athi neda. Oka Gahaganna oni ayata gaha ganna kiyanna, ethakota eyalata hadey kiyala baya venna deyak nanne, Apita hadunoth eyala protect velane. api hadila herd-immunity eka hadaagannam hela vedakamey hatiyata. Jasinghe horen horen Koththmalli, kola kenda beela apita kiyanava vaccine gahannalu. honda gaanak swiss acc, ekata danava athi. ehem naththam UN appointment ekak dennam kiyanna athi.

Main News