විද්‍යා ඝාතන සැකකරුවන් පැන යාම ගැන TNA නායකයෙක් වන මාවෙයි සේනාධිරාජාගන් ප්‍රශ්න කරයි..
August 23, 2017 at 4:40 pm | lanka C news
යාපනය පුන්කුඩතිව් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වූ සැකකරුවන් පලා යාම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු හය දෙනෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට ඊයේ කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.
විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට පලා යාමට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඊයේ දින සිදු වූ අවස්ථාවේදී කයටිස් මහේත්‍රාත් වරයා විසින් මාවෙයි සේනාධිරාජා මහතාගෙන් ඇතුලු හය දෙනෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නියොගයක් ලබා දෙනු ලැබීය.
අදලා නඩු විභාගයේදී සැකකරුවන් පලා යාම සම්බන්ධයෙන් වූ කරුණු විමසීමේදී සැකකරුවන් විසින් ලබා දුන් ෂාක්ෂි පදනම් කරගෙන ඒ පිළිබඳ මොවෙයි සේනාධිරාජා ඇතුලු හය දෙනෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කයිටිස් මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කොට ඇත.
2015 මැයි 13 වැනිදා යාපනය පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ