විද්‍යා පීඨ නව බදවා ගැනිම් අවුලෙන් අවුලට…

August 19, 2019 at 8:02 am | lanka C news
විද්‍යා පීඨ නව බදවා ගැනිම් අවුලෙන් අවුලට…

එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

1985 වසරේ විද්‍යාපීඨ ආරම්භයේ පටන් සෑම වසරක් පාසා විද්‍යාපීඨ සදහා සිසුන් බදවා ගනු ලැබුවේ එක් වර්ශයක උසස් පෙළ විබාගය සමත් සිසුන් පමනි.

කේසේවෙතත් මෙවර 2016 හා 2017 වර්ශ වල උසස් පෙල සමත් සිසුන් 8000ක් බදවා ගැනිමට අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කොට තිබේ.

මෙරට තිබෙන සියලු විද්‍යාපීඨ සදහා සිසුන් 8000ක් බදවා ගැනිමට නියමිත උවත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නව නේවාසිකාගාර හා පන්ති කාමර ඉදිකිරීම් බෝහෝ විද්‍යාපීඨ තුල තවමත් අවසන් කර නොමැත.

ඇතැම් පීටයන් හී ඉදිකෙරුණු තාවකාලික නේවාසිකාගාර කන්ටේනර් පෙට්ට්තුල සකසා ඇති බව වාර්තා වෙයි.

මෙවන් ත්ත්වයක් මත සැප්තැම්බර් දෙවන සතියේ විද්‍යාපීඨ සදහා නව කන්ඩායමක් බදවාගැනිම ගැටලු සහගත වේ.

තිසර චමින්ද
ලේකම්
එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය

259 views

One Comment to “විද්‍යා පීඨ නව බදවා ගැනිම් අවුලෙන් අවුලට…”

  1. Wilgamauwe dhamma dhassi thero . says:

    පාලක⁣යන් මේ ගැන අවධානය නොදෙන්නේ කිමද..? අහිංසක ජිවිත කියක් ද? අවුරුදු කියක් බලන් සිටියා ද අපි…ඇයි ද තවත් පරක්කු කරවන්⁣නේ…….

Main News