විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..

January 15, 2022 at 9:20 am | lanka C news
විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යාපනය සුළං සහ සූර්ය බල ව්‍යාපෘතියක් පිහිටුවීමට මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී පසුව එය අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වන විට නීතිඥයන්ට රුපියල් මිලියන 200 ක ට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලය නිලධාරියෙක් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලා සිටි බවද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම අල්ලස ලබා නොදීම නිසා තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන්ය.

78,153 views

27 Comments to “විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..”

  1. බන්ඩා says:

    මේ සෝලා පැනල් ගැන පැමිනිල්ලෙ ඇත්ත බොරැ මම දන්නෙ නැහැ. දියර පොහොර සපයන්න පොහොර ලේඛමේ උන් ජරාව ගත්ත බව මම සොදාකාරව දන්නවා. අද දේසපාලුවන්ට වඩා උසස් නිලධාරීන් ජරාව කනවා.

    • Retired PB බළලා says:

      ඇත්තෙන්ම වෙන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන එක. බාවන එකා අහුවෙන්නේ නැහැනේ.

      • SL says:

        කොස් ඇට බලලත් ගන්නවා හාම්පුතත් ගන්නවා . මේ වගේ බේරුම්කාර මණ්ඩල වලට ගිහින් ශ්‍රී ලංකා රජය ගෙවපු ඩොලර් ගාන හොයල බලන්න .

        කාලකන්නි නිලධාරී න් ගේ ,අමතියාලගෙන් කප්පන් ඉල්ලීම් නිසා රටට වුනු අලාභය අති මහත්.

        මේ සියලු නඩු ගාස්තු ,දඩ මුදල් අදාළ පුද්ගලයා ගෙවියයුතුයි. සහ ඔවුන්ගේ නම් ගම් වහාම හෙලිකල යුතුයි !!

  2. DC says:

    තව කොහෙද රටවල් දියුණු කරන්නෙ

  3. Silva says:

    මේ වගේ දූෂිත නිලධාරින්ට බැටේ දෙන්න තමා හිට්ලර් කෙනෙක් කියල හිතාගෙන පබයෙක් ජනපති කෙරුවෙ. මදැයි කොලා. දැන් වෙනදටත් වැඩියෙ හොඳට නිලධාරි රජ කරනව.

    • Retired ආර්ථික ඝාතක බළලා says:

      ඇත්තෙන්ම වෙන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන එක. බාවන එකා අහුවෙන්නේ නැහැනේ. නැත්නම් කොහෙද නිලධාරියෙක් ඩොලර් මලියන දෙකක් අල්ලස් ඉල්ලන්නේ. බයියෝ ඇන්ද ඇන්දගනෙල්ල දැක්කම දුකේ බෑ

      • SL says:

        නිලධාරින් 5000 ක් දුන්නත් ගන්න අවස්ථා තියෙනවා. පොර්ජෙක්ට් එකකට විදුලි සම්භාන්දතාවක් ගන්න බලන්නකෝ. රාජ්‍යසේවය කියන්නේ කාලකන්නි කුම්මැහියෝ වැහි වැහැල ඉන්න තැනක්. මේ රටේ මේ තත්වයට උනුත් වගකියන්න ඕනේ .

    • රණවීර says:

      ඒක තමයි
      ඊට වැඩිය හොඳයි මාකදුරේ මධූෂ් ජනාධිපති කලානම්

  4. Truth says:

    Yataghanawa horu nidaellya pudimawana apa yanawidiya

  5. David Milli-banda says:

    Who is this CEB man who demanded a bribe to grant approval??
    Government to expose the proceedings of the arbitration case taking place in Singapore.
    From where is the money to defend the cancellation of the approval being defended by CEB in Singapore.?

    As long as corrupt officials are in the state Service the Civil Administration of the Country goes nowhere.
    Who was the Minister at the time?
    EXPOSE THEM ALL. The masses must go these bastards
    ‘s homes and grag them out & put them out.
    LET SUMMARY JUSTICE BEGIN IF GOTA CAN NOT TAKE ANY ACTION.
    Now is the time to clean up the state services for the sake of the future generations & well being of the country.

  6. Ranjith says:

    වෘත්තීය සමිති ස්ට්‍රයික් කරනකොට හිට්ලර් හිටියත් කරන්න දෙයක් නෑ උන්ට ව්‍යවස්ථා වෙන් දීල තියෙන අයිතිවාසිකම් නිසා. අර ජෙප්පෝ වගේ තුණ්ඩු කෑලි දාල බෙලි කපල ඔලුවලට වෙඩි තියලත් උන්ට කරන්න බැරිවුණා. උන් කෙරුවෙත් ජනතාවගේ රාජ්‍ය දේපොළ ගිනි තියලා ID කොල්ලකාපු එක විතරයි. උන්ගේ ගෑනු BMW පදින ගමන් උන් අපිට බණ කියනවා. උනුත් ඔය 225ට අයිති. බලන් හිටපන් හිට්ලර් එනකම්

    • Silva says:

      ජෙප්පොයි බයියෝයි කියන්නෙ මෝඩම සත්තු. උන් දෙගොල්ල තමා මේ දූෂිත රාජපක්ෂ පවුල බලයට ගෙනාවෙ. වෘත්තිය සමිති රන් කරන්නෙත් උන් දෙගොල්ල තමා. රාජපක්ෂලයි ජෙප්පොයි රට කැව. ගොන් හැත්ත උන්ට චන්දෙ දුන්න.

      • exUNPer V says:

        Unp කාලකන්නි රට විකුණලා සුප්පු කරල මිනී මරල විනාස කළා දැකපු නැති බබෙක්.

        • Silva says:

          exUNPer V මී හරකෝ යුඑන්පී එකෙයි පොහොට්ටුවෙයි ඉන්නෙ මාරුවෙන් මාරුවට දෙපැත්තටම පැන පැන එකම සෙට් එකනෙ. උබ පක්ෂ බදාගත්ත උපන්ගෙයි වහලෙක් වුනාට මට කරන්න දෙයක් නෑ.

      • saman says:

        ජෙප්පන්ට වැරදුනේ උන් හදන්නේ උද්ගොෂන ,වර්ජන ,කරලා බලය ගන්න .

        උඹ ඔය කියන UNP ,සජබේ උන් ගහන ගැහිලි උඹ දන්නේ නැතිව හෝ නොදැක්ක සේ සිටිනවා.

        හොරා කෑමක් කලේ නැහැ කියන්න පුලවන් ජවිපෙට විතරයි.මොකද උන් තවම බලයට ඇවිත් නැහැ

  7. අපි පව් says:

    මේ රට ඉක්මනින් සෞභාග්‍යය කරා ගෙනියන මේ රජයෙ සේවකයන් තව තව දිරිමත් කරන්න ඕනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් වර්ජනය කරන සේවකයන් උද්ඝෝෂණ කරන රජයෙ සේවකයන් තව තව රටේ බිහිවෙන්න ඕනේ එතකොට රට සෞභාග්‍යය ට නිකන් ම එදිල යයි

  8. Gamarala says:

    මේ දුෂණ නවත්වන්න පුලුවන් එකම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි. වසර 73 ක් මුන් සොරා කෑවා ඇති.

    • Parakum says:

      ජෙප්පෝ බලේට ආවම උන් ගිණි තියපු අපේ තේ පැක්ටරියට වන්දි දෙනවද?

    • SL says:

      No other Choice for sure ,Only JVP led Jathika Janablawegaya is the next hope!

      JVP is not smart enough to communicate their agenda.

  9. Pora says:

    Can’t we hold a referendum to hand over the country to at least India. We will be better off then.

  10. ggd says:

    ඇත දෙක වනා එකේ වැඩට ආව එවුන් විදුලි බල මණ්ඩලයට හිමි කොටස් වංචාවෙන් පුද්ගලික නම් වලට හිමි කර ගත්ත
    ස. නිහඬයි. චම්පිකගේ කාලේ ඕක උනේ. පී බී. ෆර්දිනාන්දු වගේම මහින්දය සාගල රත්නායක රනිල් ඔක්කොම සම්බන්ධ වෙලා ඕක කරේ,

Leave a Comment

Main News