විදුලියේත් අර්බුදයක්.. රටම අදුරට යයිලු..

July 24, 2021 at 5:30 pm | lanka C news
විදුලියේත් අර්බුදයක්.. රටම අදුරට යයිලු..

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කරන ලද විදුලි ජනන සැලසුම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉදිරියේ දී රට අඳුරු අගාධයකට වැටිමේ ඉහළ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටියේ.

ගල් ඉඟුරු මාෆියාව යනුවෙන් ව්‍යාජ බිල්ලන් මවා ගල් අඟුරු බලාගාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අනාගතයේ දී රටේ දැඩි විදුලි අර්බුදයක් හට ගැනීමට ඉඩ තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

තම සංගමයේ ඉංජිනේරුවන් එදා සිට මේ දක්වාම පෙන්වා දුන්නේ අඩු වියදමින් විදුලි උත්පාදන ක්‍රමයක් වන ගල් අඟුරු බලාගාර අවශ්‍යතාවය බව ද සංගමය පෙන්වා දෙයි.

නමුත් සූර්ය බල පැනල කර්මාන්තකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයන් ලාභ ලැබීමේ අරමුණින් වැරදි චිත්‍රයක් මවා ඇති බවද සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේය.

විදුල බල මණ්ඩලයේ දිගු කාලීන සැලැස්ම තුළ ගල් අඟුරු බලාගාරයෙන් මෙන්ම ස්වාභාවික වායු, සූර්ය සහ සුළං බලය වැනි සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ගෙන්ද වැඩි වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

37,617 views

13 Comments to “විදුලියේත් අර්බුදයක්.. රටම අදුරට යයිලු..”

  1. න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු! says:

    වියදම ගැන නොසිතා වහාම න්‍යශ්ඨික බලාගාරයක් ඉදිකිරීමට රැසියාව සමග ගිවිසුම්ගත වියයුතුයි.!
    ඉන්දියාවටද බලශක්තිය සපයා විදේශ මුදල් ඉපයිය හැකි මෙම ක්‍රමවේදය වහාම ක්‍රාවට නංවනු.!
    කල්නොමරා මාෆියාවන්ට යට නොවී උසස්තතවයේ න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු!

    • Amda says:

      Not safe for an island like ours

      • harsha says:

        එතකොට තමිල්නාඩුවේ කුණ්ඩකුලම් බලාගාරය. ඒකත් ලංතාවට තර්ජනයක්.

      • සුරකෂිත නව තාකෂණය අවම පරිසර හානිය ,න්‍යශ්ඨිකබලාගාරයක් වහාම ඉදිකිරීමට කටයුතු කරනු! says:

        මාෆියාවන්ට යට නොවී.. උසස්තතවයේ සෑම අතින්ම සුරකෂිත නව තාකෂණය සමඟ මුසුසවු අවම පරිසර හානියකින් යුත් න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු!
        අමතරව සූර්‍ය බළය සුළං, සහ මුහුදුරළ මගින් අමතර පුණර්ඡනනීය බලශක්තියද හැකීතාක් වි්‍යාප්ත කළ යුතුයි.!

    • බයියා says:

      ඇත්තටම දැන් හරි න්‍යෂ්ටික බලාගාරයකට ජනතාව සූදානම් කරන්න ඕනෙ. අද ඒක පටන් ගත්තොත් තව අවුරුදු 20-30 ඇතුලත මේ රටේ ඇතිවෙන බලශක්ති ඉල්ලුම සපුරන්න බැරි වෙනවා

  2. Damian says:

    ගල් අඟුරු තමයි දැන් ලොව ලාබම විදුලි ජනක ඉන්ධන ය. සෝලා පැනල කාරයෝ පච කෙළිමින් මිනිසුන් ව ගසා කනවා.
    ලංකාවේ වසරකට මාස ගානක් වැහි අඳුර. උන් ඒක හංගලා ගණන් හදා සල්ලි ගරනවා.
    පැනල වලට මිලියන් ගණන් යට කළ අය ට තේරෙන්නේ අතින්පොලී ගෙවන විට.

    • Eranga says:

      මෙය සම්පූර්නයෙන් අසත්‍ය තොරතුරක්. වැඩි ඈතට යන්න එපා. බලන්න ඉන්දියාව සහ ඉන්දුනීසියව යන රටවල් වල උපාය මාර්ගය සහ පුනර්ජනනීය බලශක්තියෙ මිල අඩුවීම. පොඩ්ඩක් විමර්ශනය කරල බලන්න කොච්චර ගල් අගුරු බලාගාර ව්‍යාපෘති නවත්තලද කියල.

  3. dev says:

    surya panala karuwan
    ammo CHampikala kale indala inne oke gal anguru horu

  4. කැලණියේ නයා says:

    මේ රටේ අර්බුදයක් නැති තැනක් කියාල්ලකො සෙල්ලමට ගහන ක්‍රිකට් වල ඉදන් රට කරවන නීතිය පසිඳලන තැනට යනකල් අර්බුද දූෂණ බන්කොලොත් .අනේ චීන නෙමේ යමපල්ල හරි කමක් නෑ මේන් මේ රට බාර අරන් මේ මී බානත් දක්කගෙන මේ රට අර්බුදයක් නැතුව කරහල්ලකො මල වදේ.

  5. Amda says:

    There is a Mafia in CEB.. They will never allow the government to go for better options coz it won’t give the CEB to get commissions. They’ve been always against Solar. Just take off the tax for Solar raw materials and we can produce cheeper solar panels in Sri-Lanka.

  6. Darshana abayakoon says:

    අති ගරු ජනාධිපතිතුමාගෙ දැක්ම 100% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කරා යන එක. ඒ නිසා ටික කාලයකට අදුරේ ඉදලා හරි මේ වැඩ පිලිවලට අපි සහයොගය දෙන්න ඔනේ. 3% කුහක හැත්ත තමයි රසායනික පොහොර තහනම් කරපු එක කඩා කප්පල් කරන්න හදනවා වගේ මේ වැඩෙත් කඩා කප්පල් කරන්න හදන්නේ.

  7. ගිජුලිහිණි සංදේශය says:

    කපට නොරැටියන් ඉහලට තබා වැඳ
    නිවට කම නිසා තොපි කල කරුම කද
    රටට හෙණ වැටෙන විට උන් ගති වැළඳ
    වැවට ඉනි කපා හොයපන් දැන් කොහෙද

  8. Nandasoma Suriyaarachchi says:

    හැමෝම වැඩ කරන්නෙ තමන්ට ලැබෙන කුට්ටිය තර කර ගන්න විතරයි……..!

Main News